සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදය සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩලය සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණි.
2024 ජූලි 09 වනදා පැවති කැබිනට් රැස්වීමේදී එම අනුමැතිය දී තිබේ.
ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කළ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති බව වාර්තා වෙයි.එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒකාබද්ධ ව ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.