කොහොමද ලොහාන් අනුරට කරන අභියෝගය!

Date:

කොළඹ LNW:තමන් දේශපාලනයේ නිරතව සිටින තාක් කල් අනුර කුමාර දිසානායකට මේ රටේ ජනාධිපති වීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අවධාරණය කරයි.

අනුර දිසානායක මහතා අවුරුදු 24ක් දැන් පාර්ලිමේන්තුවේ සිටින අතර දැන් වෙනසක් කරන බව පැවසුවද අවුරුදු 24පුරාවට කළ දෙයක් නොමැති අතර ජනතාව වෙනුවෙන් බෝක්කුවක් හෝ පාරක් හෝ ඉදි කර නැති බව රත්වත්තේ මහතා කියා සිටියි.

ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තමන් ඔහුට පක්ෂව ඡන්දය දුන්නේ දෙගිඩියාවෙන් බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට කිසිදු සැකයකින් තොරව තමන් වික්‍රමසිංහ මහතාව අනුමත කරන බවයි තවදුරටත් කියාසිටින්නේ.

මහනුවර පැවති ජනහමුවකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ.

ඊට මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්ව සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...