ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන් වූ පෙරළුණු තෙල් නැවේ ඛේදවාචකය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. 

අතුරුදන් වූ පිරිස අතර ඉන්දියානුවන් 13 දෙනෙකු ද වන බව, ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කොමරෝස් ධජය සහිත එම නෞකාව එලෙස අනතුරුට පත්ව ඇත්තේ, ඕමානයේ රාස් මද්‍රකා වරායේ සිට ගිනිකොන දෙසින් පිහිටි ඕමානයේම ඩියුකම් වරාය වෙත යාත්‍රා කරමින් තිබියදී බව විදෙස් වාර්තා සඳහන් කළ අතර, අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය පවසයි. 

අතුරුදන් ශ්‍රී ලංකිකයින් තිදෙනා සම්බන්ධයෙන් ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට රජය සමග සම්බන්ධ වී සොයා බලමින් සිටින බව , විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...