ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන් වූ පෙරළුණු තෙල් නැවේ ඛේදවාචකය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. 

අතුරුදන් වූ පිරිස අතර ඉන්දියානුවන් 13 දෙනෙකු ද වන බව, ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කොමරෝස් ධජය සහිත එම නෞකාව එලෙස අනතුරුට පත්ව ඇත්තේ, ඕමානයේ රාස් මද්‍රකා වරායේ සිට ගිනිකොන දෙසින් පිහිටි ඕමානයේම ඩියුකම් වරාය වෙත යාත්‍රා කරමින් තිබියදී බව විදෙස් වාර්තා සඳහන් කළ අතර, අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය පවසයි. 

අතුරුදන් ශ්‍රී ලංකිකයින් තිදෙනා සම්බන්ධයෙන් ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට රජය සමග සම්බන්ධ වී සොයා බලමින් සිටින බව , විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...