ජනාධිපති නිවස ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයට කඳුළු ගෑස් ප්‍රහාරයක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

මිරිහාන – සම්පූර්ණයෙන්ම පාහේ අවහිර කරමින් මෙම විරෝධතාව පවැත්වුණු අතර විශාල පොලිස් ආරක්ෂාවක් එම ස්ථානයට යොදවා තිබුණි.

කෙසේවෙතත් පොලීසියට ද පාලනය කරගත නොහැකි මට්ටමක විරෝධතාව උත්සන්න වුණු අතර විදුලිය, ගෑස්,ඉන්ධන, බඩු මිල ඉහළ යාම යන ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලමිනුයි ජනතාව එලෙස විරෝධතාවේ නිරත වුණේ.

ASK