*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ලයිට් නොකපා තෙල් පෝලිම් ඇතිවෙන්නත් නොදී මසකට ඩොලර් මිලියන 150 ක් ඉතිරි කර ගන්න ක්‍රමයක් තිබුණා ද?

මේ වන විට රට තුළ මතුව ඇති තත්ත්වය විවිධ කර්මාන්ත හා ක්ෂේත්‍ර කෙරේ විශාල වශයෙන් බලපෑම් කරමින් තිබේ. පවතින විදුලිය කප්පාදු කිරීම හා ඉන්ධන හිඟය සංචාරක, අපනයන, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, නිශ්පාදනය, රාජ්‍ය හා පෞද්ගලික සේවා, සිල්ලර වෙළඳාම සහ මූල්‍ය වැනි සෑම අංශයකටම දැවැන්ත අන්දමින් බලපා ඇති අයුරු දැකිය හැකිය. එමෙන්ම මෙය රට තුළ සමස්ත ශ්‍රම බලකායම අඩාල කරමින් ඔවුන්ගේ ඵලදායීතාව බාල කරමින් තිබේ.

උදාහරණයක් ලෙස මෙවන් දැවැන්ත විදුලි කප්පාදුවක් සිදුවන විට අපනයන ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායට අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවේ. ඔවුන්ගේ දෛනික අපනයන ආශ්‍රිත මෙහෙයුම් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මින් නොහැකි වන අතර, අන්තර්ජාලය ඇතුළු තාක්ෂණික අවශ්‍යතා සඳහා නිසි ප්‍රවේශයක් නොමැති වීම නිසා වෙනත් රටවල සිටින ගැනුම්කරුවන් සමඟ පවත්වා ගත් සන්නිවේදනය මුලුමනින්ම අඩාල වී තිබේ. එය රටේ අපනයන ක්‍රියාදාමය හා අපනයනය මත ගොඩනැඟෙන ආදායමට එල්ල කළ මරුපහරක් බඳු ය.

රට තුළ මතුව ඇති විදුලි කප්පාදුව හා නිමාවක් නොදකින ඉන්ධන හා ගෑස් පෝලිම් අවසන් කිරීමට ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වන්නේ ඩීසල් සහ පෙට්‍රල් මිළ ඉහළ දැමීමයි. එසේ පවසන්නේ ඇයි? ශ්‍රී ලංකාව බලශක්තිය සහ ඉන්ධන සඳහා මසකට වැයකරන මුළු ප්‍රමාණය ඩොලර් මිලියන 515 කි. මින් ඩොලර් මිලියන 450 ඉන්ධන සඳහා ද, ඩොලර් මිලියන 35 ගෑස් සඳහා ද, ඩොලර් මිලියන 30 ගල් අඟුරු සඳහා ද වැය කෙරේ. ඉන්ධන සඳහා වැය කරන ඩොලර් මිලියන 450 න් ද ඩොලර් මිලියන 150 ක් ම වැය කරන්නේ මාසික විදුලි අවශ්‍යතාවය සඳහා ජනන ක්‍රියාකරවීමට ය.

පවතින අර්බුදය හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති පාඩුව අයකරගැනීමේ තාවකාලික විසඳුමක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර, මසකට යොදවන මෙම ඩොලර් මිලියන 150 න් දිනකට වැයවන්නේ ඩොලර් මිලියන 05 කි. ඒ අනුව, දිනකට පැය 12 ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීම හරහා ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන්නේ ඩොලර් මිලියන 2.5 ක් ද?

විදුලිය නිශ්පාදනය සඳහා මසකට වැයවන ඩොලර් මිලියන 150 හැරුණු විට ඉන්ධන ආනයනය සඳහා රජයට වැයවන ඩොලර් මිලියන 300 සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කර පරිභෝජනය 50% කින් අඩු කළ හැකි නොවේද? මෙහි දී මතස්‍ය කර්මාන්තයේ නියැලෙන ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා විශේෂ ඉන්ධන වවුචර ලබා දිය හැකිය.

ඊයේ (30) දින පමණක් ජනනය කරන හා පරිභෝජනය කරන ලද මුළු විදුලි ප්‍රමාණය ගිගාවොට් 39 කි. සාමාන්‍යයෙන් පැය 24 තුළ මෙරට පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය ගිගාවොට්ස් 49 කි. ඒ අනුව, පැය 12 ක විදුලි කප්පාදුවක් සිදුකළ ද අප ඉතිරිකර ගැනීමට සමත්ව ඇති මුළු බලශක්තිය සියයට 22 තරම් කුඩා ප්‍රමාණයකි.

දිගු විදුලි කප්පාදුවක් සිදුකිරීම හරහා විදුලිය භාවිතය සැලකිය යුතු මට්ටමකින් සීමා නොවන බව මින් පැහැදිලි වේ!

එම නිසා විදුලි කප්පාදුවක් කරනු වෙනුවට, පෙට්‍රල් හා ඩීසල් මිළ ඉහළ දමා ඉන්ධන පරිභෝජනය අවම කිරීමට රජය කටයුතු කළා නම් මෙම අර්බුදය විසඳා ගැනීමට පමණක් නොව විශාල ඩොලර් ප්‍රමාණයක් ද මසකට ඉතිරි කර ගැනීමට පවා හැකියාව තිබිණි.

මන්ද ඒ කිසිවක් කරනු වෙනුවට පාඩුව වසා ගැනීමට යොදන තාවකාලික හා කාර්යක්ෂම නොවූ පැලැස්තරයක් ලෙස විදුලිය කපා හැරීම හරහා රටේ මහජනතාව පමණක් නොව සංචාරක කර්මාන්තය ඇතුළු අප සබඳතා පවත්වා ගන්නා විදෙස් රටවල පුද්ගලයන් ද අපහසුතාවයට පත් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවත්වා ගන්නා සුහදතාවය ද දැන් පලුදු වෙමින් යන බවක් පෙනෙන්නට ඇති නිසාවෙනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan