*
Wednesday, April 30, 2025
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

🍎රනිල් කල “ලබ්බක්” නැතැයි කියන ලබු ඇටයක දෙයක් නොකල එවුන්ගේ චෝදනා….?

🍎 ඌරච්චි කරන 22 නරි කරණම ඡන්දයට බැරියර් එකක්ද…..?

🍎පොහොට්ටුවේ අතිබහුතරයක් නරි නැට්ටේ එල්ලී ඉවරයි…..?

🍎ලංකාව ගොඩගත් ගෑණු හතර දෙනා…..?

🍎රාජ්‍ය දේපළ වැනසීම ජවිපෙට අභිමානයක් වූ හැටි…..?

🍎අනුර ලග තියෙන්නෙ බොරු පfයිල්…..?

🍎 ජවිපෙ සෙට් එක තරගෙට සබන් නැතුවම නෑම…..?

🍎නරියාගෙන් ඔප්පු ගත්ත ජවිපෙ අනුර ගෙ සනුහරේ…..?

🍎ඇමෙරිකන් මහින්ද හා තානාපති නඩය සසර කලකිරී වනගතවීම…..?

🍎භූමියේ අයිතිය ජනතාවටදී නියම සමාජවාදය දැන් කරන්නේ අපියි…..?

🍎නිළධාරීන්ගෙන් රටේ තත්වය දැනගත්තම සජබ බෑ කිව්වා. ජවිපෙ ආගිය අතක් නැතිවුණා…?

🍎ගාල්ලේ රු මිලි 1600 ක දැවැන්ත උසාවි සංකීර්ණය ජනතා අයිතියට.

රනිලා ට ඡන්ද දිනන්නට බැරි නිසා පොහොට්ටුවේ පිහිටෙන් පිං තනතුරු ගත්තා යයි කියති.  කයිවාරකාරයින් කර අරිනවිට ගිණිගත් රට නිව්වේ රනිලා බව ඒ සමහරුන් නොකියතක් මිනිස්සුන්ට එය අමතකදැයි දන්නේ නැත.

ඩො මිලි 20 ක්ව තිබූ රටේ හිස් සල්ලි ලාච්චුව දැන් ඩො බිලි 06 කි. ඉන්දන හෝ ගෑස් නැවක් ගේන්නට ඩොලර් නැතිකමින් සති ගණන් පෝළිම් වල හිටපු හැටි දැන් මතක නැත. ඒවාට ඉන්ජක්ෂන් ගැහුවේ රනිල් ය. පොහොර හා බෙහෙත් හිගයද දැන් නැත. සමෘද්ධිය මෙන් තුන් ගුණයක අස්වැසුම දැන් ලැබේ. ඉඩම් ඔප්පු ලක්ෂ 20 ක් හා නිවාස 50,000 ක අයිතිය දුන්නේ හා 79% උද්ධමනය තනි ඉලක්කමට ගෙනාවේ රනිල් වුවද රනිල් කරපු “ලබ්බක්” නැතැයි ලබු ඇටයක දෙයක් රටට නොකල එවුන් කීම විහිළුකාරීය.

ඡන්ද දිනන්න බැරිනිසා හිල් වලින් රිංගා දිගටම ඉදීම නරි න්‍යාය බව කියන අය එමටය. වජිර රංගෙ වොෂින්ටන් වෘකයා හරහා එවැනි දේ රටේ පැළ කල බවටද මත තිබේ. ලේනෙක් හා උණවටුවෙක් උසාවි ගියේ ද නරි න්‍යායට අනුව බවද කියවින. ඒත් ජනපති ගේ කාලය වසර 05ක් බව ජනපති වෙනුවෙන් උසාවියට  කීවේ නීතිපති ය. ජනපතිගේ කාලය වසර 06 ය 05 කළේ 2015 රනිල් ගේ ආණ්ඩුවය. එය කරට ගත්තේ හිටං හා නීති ඔස්තාද් ජයම්පති ය.  එතන  හිලක්ය. හිල වැසීමට 22 වන සංශෝධනය ගෙන ඒමට නරියා හදන විට හැමෝම කීවේ ඡන්ද වළදාන ගේමක් බවය.  ජනපතිවරණය නිමවන තෙක් 22 කල්දැමීමට දැන් පසුබිම සැකසෙමින්ය. 22  ගැසට්ටුව ඡන්දයට බාධාවක් නොවේය.

දැන් ඡන්ද හැන්ද කොමිසම ලඟය. නරියා ඡන්ද කල්දාන්නට අමුඩ ගහනවායි කී අය දැන් ඉන්නේ අමුඩත් නැතිවය.

ජනපති අනුරපුර ගොස් ශ්‍රී මහා බෝධියට සෝලා විදුලිය දුන්නේය. තඹුත්තේගම දී ඉඩම් ඔප්පු බෙදුවේය. ජවිපෙ අනුරගේ සනුහරේ කීදෙනෙක් ඔප්පු ගත්තාදැයි දන්නේ නැත. ධාතු තැන්පතුවට දීඝවාපි ගියවිට මහින්ද ද ආවේය. පංසල මැද වුවද බොහෝ  කතිකා සිදුවී තිබේ. මයියංගනයට ද ගොස් ඔප්පු බෙද්දී වන්නිල ඇත්තෝ ද ආවේය. එය නිම කර රනිල් නුවර ගියේ රැළියට ය. එජාපය හා පොහොට්ටුව හරිහරියට සෙනග ගෙනැවිත් තිබිණ.රැළිය නැගලා ගියේය.

“කැමති නම් සජිත් හා පිරිසට එජාප සාමාජිකත්වය දී බදවා ගන්නට කැමතියි” නරියා හූවක් කියන ගමන් දෑත් ද දිගු කළේය.රැළියට පොහොට්ටු මන්ත්‍රීලා 45 ක් ආවද එය රටට නොකීම ගැන මහින්දානන්දට මළ පැන්නේ පසුදාය.

“දේශපාලන රැළි ජනාධිපති මාධ්‍යයට කවර් කරන්න එපා කියල ජනාධිපතිතුමා කිව්වා”  මාධ්‍ය නඩය ඇඟ බේරා ගත්තේ එහෙම ය.

කැබිනට් හමුවේදී වර්ජන නොකල අයට රු 10,000 ක් හා ජනපති කාලය වසර 05 කරනා 22 වන සංශෝධනය සම්මත කෙරිණ.

රනිල් තම වෘත්තීයට අයත් නීතීඥයන් මුණ ගැසින.

“2023 දි අපි ගෙනා දූෂණ විරෝධී පනත අග්නිදිග ආසියාවෙ හොඳම එක. අනුර පfයිල් 400 ක් පෙන්නනවා. එයා ලඟ තියෙන්නෙ කොපි. ඔර්ජිනල් ඒව තියෙන්නෙ මගේ ලගයි” කපටි නරියා කීවේ සිනා මැදය.

“ජවිපෙ ආනන්ද විජේපාල නඩු දැම්මෙ ඉන් 40 කට විතරයි. ඒත් අනුර බොරුවට 400 ම පෙන්නනවා. අනුර කතාවෙන් දූෂණය නැතිකරනවා. මම ක්‍රියාවෙන් ඊට පසුබිම හැදුවා” ජනපති කීය. 

“අපේක්ෂකයො දෙන්නෙක් දුවනවා. ඔබතුමා දුවන්නෙ කවදද” අයෙක් ඇසීය.

“දෙන්නට දුවල හති ඇති. ජනාධිපති වෙන කෙනා දැනුයි දුවන්න පටන් ගන්නෙ” නරියා කීවේ කොක්හඬලමිනි.

“විපක්ෂ නායකට අගමැතිකම ගන්න කිව්වට ඔබතුමා රහසේ ගේම් ගැහුව බව හර්ෂ සිල්ව කියන කතාව මොකද්ද” 

“මහබැංකුවෙයි මුදල් එකෙයි නිළධාරීන් සජබ  හමුවුණාම එයාල බෑ කියල හැංගුණා. ජවිපෙ ආගිය තැන් නැතිවුණා” නරියා අත දිගහැර වැනුවේය.

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල්  ඔිඩ්‍රි අසුලේ ලංකාවට පැමිණ ජනපති හමුවූවාය. ඇයට දිවා භෝජනයක් දුන්නේ ජනපති මැදුරේය.

“ලංකාව යුනෙස්කෝවට බැදිල වසර 75 යි. ආර්ථික අර්බුදයෙන් ලංකාව ඉක්මනට ගොඩ ආවෙ කොහොමද” ඇය ඇසුවාය.

“කාන්තාවෙ තුන්දෙනෙක් ලංකාව ගොඩ ගන්න අපට උදව් කලා. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් හෙලන් IMF ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජියේවා ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාම්” රනිල් කීවේය.

“සර්, හතරවෙනි කාන්තාවකුත් ඉන්නවා. US ඒඩ් එකේ සමන්තා පවර් කෝටි දාස් ගාණක පෝර නොමිලේ දුන්නා. උද්ගෝෂණ නැවතිලා අස්වැන්නත් වැඩිවුණා” සමන් ඒකනායක කීදේ ජනපති ද පිළිගත්තේය.

නිවාස පැවරීමේ “රන්දොර” උත්සවයට ජනපති ගියේ සුගතදාස ගෘහස්ත පිටියට ය.

“ලංකාවෙ සමාජවාදය හරියටම ක්‍රියාත්මක වෙන්නෙ මේ ආණ්ඩුවෙනුයි. භූමියේ හා නිවාසයේ අයිතිය දුන්නෙ අපියි” ධනවාදී කබායට උඩින් රනිල් සමාජවාදී කබාය ඇඳගත්තේ එසේය.

ජනපති හා වතුකරයේ මැති ඇමතිවරු හමුවූහ.

“ලැයින් කාමර වෙනුවට ගෙවල් එක්ක ගම්මාන හදමු” රනිල් යෝජනා කළේය.

“විපක්ෂය මේකට බාල්දි පෙරළනවා ෂුවර්” අයෙකු කීය.

ත්‍රීරෝද සංගම් හමුවී තීන්දු රැසකට ආ ජනපති අනතුරුව ප්‍රියතම ගාලු මුහුදු තීරයට ගියේ මද අස්වැසිල්ලකටය.

ගාලු ගියද ඇමතුම් හා හමුවීම් වල නිමක් නොතිබිණ.

“ජවිපෙ දිගටම සබන් නැතුවම නානවා. බලය ලැබුණම ගමේ ජවිපෙ අයට නඩු අහන්න දෙනව කියපු ලාල්කාන්ත දැන් කියනවා අපි එදා මැරුව ලු. ට්‍රාන්ස්පෝමර් ලයිට් කණු කැඩුවලු.රාජ්‍ය දේපොළ වැනසීම ජවිපෙට අභිමානයක්ලු. ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් ය අන්තර්ජාලෙ හොග් ගාල යනවා කියල හදුනෙත්ති නෑවා. ඒ මදිවට දැන් අනුර. ඩො බිලි 41 කජ්ජක්ද අහල හිනාව නැවතෙන්නත් කළින් සල්පියුරික් හදල රස්සා දෙනවලු රට ගොඩ දානවලු. රටක් ගොඩදාන්න ඒ වගේ සිල්ලර වැඩ වලින් පුළුවන් කියල ජවිපෙට හිතෙන්නෙ අත්දැකීම් නැති නිසයි” ඇමති මනුෂ කීවිට කපටි නරියා ඇස් උඩ යැව්වේය.

රු මිලියන 1600 ක් වැයකොට ඉදිවූ ලොකුම උසාවි සංකීර්ණයක්  ගාල්ලේ දී රනිල් විවෘත කළේ Dr රමේෂ්ගේ තවත් වැඩක් ගාල්ලට උරුම කරමිනි.

භාවනා කරන්නේ සසර කලකිරිලා කැලෑ වැදිලාය.එහෙත් ඇමෙරිකන් මහින්ද හා තානාපති නඩය බුදු දහම හා භාවනාව වොෂින්ටන් තානාපති පරිශ්‍රය හරහා ඇමෙරිකානුවන්ට දුන්නේ මනස බැලන්ස් කරගන්නටය. තලාවේ දමිතබෝධි හා කිරුළපන අමිතරේවත හිමිවරුන් ගේ භාවනා සැසියට ඇමෙරිකන් හා සෙසු ජාතීන් විශාල පිරිසක් ආහ.හිතට භාවනාව හා ගතට ලංකාවේ ආහාරපාන වලින් ද කළ සත්කාරයෙන් පිරිස අමානන්දයට පත්වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan