මීට වසර දෙකකට පෙර අපි බංකොලොත් රටක් වශයෙන් පැවති කාලයේදී රටේ ආන්ඩු කිරීමට බාරගැනීමට විපක්ෂය නියෝජනය කරනලද කිසිදු ප්‍රධාන පක්ශයක නායකයෙක් ඉදිරිපත් නොවීම හමුවේ රට කිරීමේ අභියෝගය බාරගත්තේ විපක්ෂයේ තනි මන්ත්‍රී ආසනයක් පමණක් හොබවන ලද රනිල් වික්‍රමසිංහ මහතාය.
අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් ආන්ඩුව කිරීමට බාරගනු ලැබුවේ පොදුජන පෙරමුණ ප්‍රධානකොට ශ්‍රීලංකා නිදහස් පක්ශය සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුගේ සහය ඇතුවය.
එහිදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට පැවරුනු වගකීම් සුලු පටු නොවීය. විදෙස් විනිමය හිඟ වීම නිසාවෙන් ආනයන සීමා පැනවී තිබුනි. තෙල් නැවකට මුදල් ගෙවීමට ආන්ඩුවට ඩොලර් නොතිබුනි. පැය ගනනක විදුලි කප්පාදුවක් පැවතුනි. ගෑස් පෝලිම් තෙල් පෝලිම්, අඩුවක් නොවීය අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැති තත්වයක් රටේ පැවතුනි. මේ ගැටලු සියල්ල විසඳා ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ අභියෝගය තම කරපිට ගෙන රනිල් ක්‍රියාත්මක උනේ අන්දරේ ගල ඉස්සුවා සේ ඇතැම් කයිවාරු නායකයින් වැඩේ බාර නොගෙන කයිවාරුවෙන් කර ඇරි සමයකදීය.
අග්‍රාමාත්‍ය ධූරය සහ මුදල් අමාත්‍ය ධූරය බාරගත් පසු රාජ්‍ය වියදම් අවම කිරීමට රනිල් උපදෙස් දුන්නේය. එපමණක් නොව අනුන්ට උපදෙස් දී තමන් එසේ ක්‍රියාත්මක නොවීමේ කක්කුටු බන න්‍යායන් වලට වඩා රනිල් ප්‍රායෝගිකව වැඩේට බැස්සේය. අග්‍රාමාත්‍ය පුද්ගලික කාර්ය මන්ඩලය පවා සීමා කොට පැවතුනි. මේ නිසා සෑම දිනකම හිමිදිරි උදෑසන මල් පාරේ පිහිටි කාර්යාලයේ රාජකාරි කටයුතු සඳහා පැමිනි අග්‍රාමාත්‍ය වරයා විසින්ම තම කාර්යාලයේ වායුසමීකරණ යන්ත්‍ර කීපයක් පමනක් ක්‍රියාත්මක කරනු ලැබීය. විදුලි පංකා විදුලි ආලෝකය පවා ක්‍රියාත්මක කරනු ලැබුවේ ඔහුගේ අතිනි එයද ඉතා සීමිත ආකාරයටය ඒ වෙනුවෙන් සේවකයන් කැඳවීමට ඔහු කටයුතු කලේ නැත. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය වරයා මුන ගැසීමට පැමිනෙන රාජ්‍ය තාන්ත්‍රිකයන් විදෙස් දූත මන්ඩල පිරිස්, සහ අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් හෝ ලබාදීමට ප්‍රමානවත් පහසුකම් කාර්යාලය තුල නොවීය. ආනයන සීමා හේතුවෙන් සහ රුපියල අවප්රමානය වීම හේතුවෙන් වෙලඳපලේ කිරි පිටි ඇතුලු ඇතැම් පාර්භෝගික භාන්ඩ සොයාගැනීමට නොහැකි විය. මෙම තත්වය ගමේ ගෙදරටත් අග්‍රාමාත්‍ය කාර්යාලයටත් පොදු විය. අග්‍රාමාත්‍ය වරයා මුන ගැසීමට පැමිනෙන දෙස් විදෙස් අමුත්තන් වෙනුවෙන් සංග්‍රහ කිරීමට අවශ්‍ය කිරිපිටි තොග කීපයක් කොහෙන්දෝ හොයාගෙන අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබා දුන්නේ පාක්ශිකයකු විසිනි. එයද ආරක්ශිතව තබන ලද්දේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ කාර්යාලයේය.
රටට පැමිනි තෙල් නැව් වලට ගෙවීමට ඩොලර් නොතිබීම හේතුවෙන් තෙල් නැව් දින ගනන් වරායේ රස්තියාදු වෙමින් පැවතුනු විට ගෙවන්නට සිදුවූ ප්‍රමාද ගාස්තු ඉහල ගියේය. රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලිකවම ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට කතාකොට ඩොලර් සොයාගෙන තෙල් නැව් වලට මුදල් ගෙවා ඒවා නිදහස් කරගනු ලැබීය.
රනිල්ගෙ වචන වලින්ම එය වැල් පාලමේ ගමනකි කොයි මොහොතේ කුමන අතට පෙරලේද යන්න කිසිවෙකුට අදහසක් නොවීය. ඒ නිසාම පිටින් ඉඳන් බලා සිටින සුපුරුදු විවේචකයන් රනිල්ට සිනහ සුනි, අපහාස කලෝය, කල නොහැකි බව පැවසීය, රනිල් වැල්පාලමෙන් වැටෙන තුරු බලා සිටියෝය. එහෙත් රනිල් කයිවාරුකරුවන්ගේ විවේචන තඹේකට මායිම් නොකලේය.
ඉන් පසුව අරගල කරුවන් විසින් නීත්‍යානුකූලව පත්වූ ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් කිරීමට කටයුතු කරමින් ජනාධිපති මන්දිරය, ජනාධිපති නිල නිවස අත්පත් කරගනිමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාගේ පුද්ගලික නිවස පවා ගිනිබත් කලෝය. ඉන් නොනැවතී රටේ ආන්ඩුක්රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක්කරමින් අරගලය තමයි මින් පසු රටේ නීතිය බවට පුරසාරම් දොඩමින් උත්තරීතර පාර්ලිමේන්තුව අත්පත් කරගැනීමට කටයුතු කරමින් සම්පූර්ණයෙන්ම නීතියේ පාලනය බිඳදැමීමට උත්සහ කල අරගල ත්රස්තවාදීන් පාලනය කිරීමට ගෝඨාභය ජනාධිපතිවරයාගෙ ඉවත්වීමෙන් පසු වැඩබලන ජනාධිපති වරයා වශයෙන් පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ශක අංශවෙත සෘජු උපදෙස් දුන්නේය. ඉන්පසු රටේ නීතියේ පාලනය තහවුරු කොට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කලේය.
ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ බහුතර ඡන්දයෙන් ජනාධිපති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් කඩිනමින් ණය පහසුකම් ලබා ගැනීමට කටයුතු කලේය. ණය හිමි රටවල් වල විශ්වාස දිනා ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පිලිබඳව සාකච්ඡා ලහි ලහියේ ක්‍රියාත්මක කලේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර වශයෙන් වැදගත් අවමංගල උත්සව දෙකකට සහභාගි විය. ඉන් පලමු වැන්න වූයේ එංගලන්ත මහ රැජිනියගේ අවමංගල උත්සවයයි. දෙවැන්න ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල උත්සවයයි.
රැජිනගෙ සහ ජපාන හිටපු අගමැති ශින්සෝ අබේ මහතාගේ අවමංගල උත්සවයට සහභාගි වෙන්න රාජ්‍ය නායකය විදිහට එදා රනිල් ගියපු එක අපේ රටේ සමහර ඊනියා දේශප්‍රේමි විප්ලවවාදිනට ගැටලුවක් උනා. “මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙද්දි ඕකට අහවල් එහෙකට යනවද? “රනිල් එක්ක තව කීයක් ගියාද? කොහෙද නැවතිලා හිටියෙ?,
වියදම කීයද? වගේ ප්‍රශ්න.
ඒත් ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනපති රනිල් කියා සිටියේ හරි අපූරු පිලිතුරකි
“කලින් වෙලාවක් වෙන් කිරීමක් නැතුව, ආරාධනාවක් නැතුවම ලෝකෙ රාජ්‍ය නායකයන් එක තැනකදි හම්බවෙලා අපේ රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් කතාකරලා ඔවුන්ගේ ආධාර උපකාර ගන්න තියෙන හොඳම අවස්ථාව මම මගහරින්න කැමති නැහැ යනුවෙනි”. ( I don’t want to miss the best opportunity to meet the world’s state leaders in one place and talk about the current situation of our country and get their support and help without having prior appointment and invitation)
රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ලෝකයේ අනෙකුත් රටවල සහය සහ විශ්වාසය දිනාගැනීම වෙනුවෙන් ජනපති රනිල් විසින් යොදාගත් රාජතාන්ත්‍රික උපායමාර්ග අගයකල යුතුය.
රනිල් කිව්ව කතාවේ ඇත්තක් ඇත. අපේ ගමේ ගොඩේ උනත් ගෙදරක මලගමක් උනා කිව්වම ගමේ ඉන්න දන්න අඳුනන, හිතවත් අහිතවත් සියලු දෙනාම තරහ මරහ අමතක කරලා එතනට සහභාගි වීම සාමාන්‍ය සිරිතයි. එතනදි ගමේ ඉන්න ප්‍රභූන් උනත් හම්බවෙන්න කතාබහ කරන්න පුළුවන්. ඉතිං ඔය තත්වයම අඩු වැඩි වශයෙන් ජාත්‍යන්තර ලෝකයෙත් එහෙමයි. මා දන්නා තරමින් එංගලන්ත රැජිනගේ අවමංගල්‍ය වෙනුවෙන් ලෝකයේ රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙක් සහභාගි විය. රනිල් ඒ අතරින් අපිට උපායමාර්ගිකව වැදගත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක්ම මුනගැසී සාකච්ඡා කලේය. ඒ තුල ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය සහය හා විශ්වාස දිනාගැනීමට ඔහුට හැකි විය.
ඒ වගේම ජපානයේ ශින්සෝ අබේ අග්‍රාමාත්‍ය වරයාගේ අවමංගල උත්සවේට සහභාගි වූ අවස්ථාවේදීද ද්වී පාර්ශව්ක සාකච්ඡා පැවැත් වූ අතර ආර්ථික අර්බුදයෙන් මිදීම පිනිස අවශ්‍ය සහය ලබාදීමටත්, මීට පෙරදී මොනෝ රේල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානය සමග ඇතිවුන මතභේදයන් සමනය කිරීමටත් රනිල් කටයුතු කලේය. ඉන්පසු ණය හිමියන් සමග සාකච්ඡා සඳහා සම සභාපතිත්වය දැරීමට පවා ජපානය එකඟ විය. එදා ජනපති රනිල්ගේ ජපාන සංචාරයේ ප්‍රතිඵලයක් විදිහට මේ වසරේ මැයි මාසයේදී ජපාන විදේශ අමාත්‍යවරිය ලංකාවේ සංචාරය කලාය. විශේෂයෙන්ම එහිදී අත් හැර දැමූ මොනෝ රේල් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත අප රටට ලබාදීමටද ජපන් රජය එකඟ බවද ජපන් විදෙස් අමාත්‍යවරිය පැවසීය. එය රටක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයකි. එහි සැබෑ ප්‍රතිලාභීන් රට වැසියන් වන අප ය. එම ජයග්‍රහණය අපවෙත ලබා දුන්නේ වෙන කව්රුත් නොව එදා රාජතාන්ත්‍රික භාවයෙන් ජපානය සමග කටයුතු කරනු ලැබූ ජනපති රනිල් වික්‍රමසිංහ බව අප සිහිපත් කල යුතුය.
ජනපති රනිල්ගේ රාජතාන්ත්‍රික පරිචය බොහෝ පුලුල් විය බොහෝ දේශපාලන පක්ශ නායකයින් මතුපිටින් දකින දේට වඩා ගැඹුරින් රනිල් ජාත්‍යන්තර හැසිරීම් කියවා තිබුනි. ඔහු සැම විටම කියාසිටියේ ලෝකය සමග අප සම්බන්ධ විය යුතු බවත් ලෝකය සමග එකට යායුතු බවත්ය. ඒ නිසාම ජාත්‍යන්තර සහය ලබාගෙන වසර දෙකක් වැනි කෙටි කාලයකින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමටත් බංකොලොත් භාවයෙන් රට මුදාගැනීමටත් ඔහුට හැකිවිය.
ලෝකයේ කුමන රටක් සමග සම්බන්ධතා පැවැත්වුවද අපේ රටේ මෙතෙක් පිලිගත් නොබැඳී විදෙස් පිලිවෙත ඉදිරියටද ක්‍රියාත්මක කිරීමට රනිල් කටයුතු කලේය. මෑතකදී උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන ලෙස ඉරාන ජනාධිපතිතුමන්ට ජනපති රනිල් ආරාධනා කලේය. ඉරානය සම්බන්ධයෙන් ලෝකයේ කතාබහට ලක්වී ඇති මොහොතක ඉරාන ජනාධිපතිතුමන් මෙරටට ගෙන්වා ගැනීමේදී රනිල් ගනු ලැබුවේ දැලිපිහියෙන් කිරි කනවා වැනි තීරණයකි. ඉන් සති කීපයකට පසුව ඉතාමත් අවාසනාවන්ත ලෙසින් ගුවන් අනතුරකින් ඉරාන ජනාධිපතිතුමා ජීවිතක්ෂයට පත් විය. කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිතුමන් අවසන් වරට සිදුකරන ලද ශ්‍රී ලංකා සංචාරය තුල ආරක්ශිතව එතුමන් පරිස්සම් කිරීමේ වගකීම රනිල් ඉටුකලේය. ඉරාන ජනාධිපතිතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය මනා ලෙසින් කලමණාකරණය කිරීමට රනිල් දක්ශයෙක් විය. එමෙන්ම ඊශ්‍රායලයට අප රටේ ශ්‍රමිකයන් යැවීමේ කටයුතු වලටද එය කිසි ලෙසකින් බාධාවක් නොවීය. ඊශ්‍රායලය සහ ඉරානය හතුරන් ලෙස කටයුතු කරන මොහොතක ඒ දෙරටම සමග මිත්රශීලීව කටයුතු කරමින් අප රටට අවශ්‍ය ආර්ථික වාසි අත්කර ගැනීමට රනිල් එසේ කටයුතු කලේය. විශේෂයෙන්ම ඇතැම් දේශපාලන පක්ශ නායකයින් විදෙස් සංචාර වලදී “සමාජ අනාරක්ෂිත රටක්, ගැටුම් සහිත රටක්, ලමයිට ආරක්ශාව නැති රටක්, කාන්තාවන්ට ආරක්ශාව නැති රටක්, සිංහල දෙමල මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇතිවෙන රටක් ආදී වශයෙන් අපේ රට හඳුන්වා දෙමින් මිත්‍යාවන් පතුරා සිය ඡන්ද ව්‍යාපෘති සිදු කරන අවධියක ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජාතිකයෙකුට මෙරටට සංචාරය කිරීමට හැකි තරම් සුරක්ෂිත පරිසරයක් මෙරට තුල ඇති බවට ඉරාන ජනාධිපතිතුමා මෙරටට ගෙන්වා ගැනීම හරහා රනිල් ලෝකයටද රටටද සියුම් පනිවිඩයක්ද දුන්නේය.
මේ වනවිට වැටුනු ආර්ථිකය නැවත පිබිදී ක්‍රියාත්මක වෙනු දැකිය හැක. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් සහ ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කරගැනීමට අපට හැකිවී ඇත. සංචාරකයන් නැවත රටට පැමිනෙමින් ඇත. විදෙස් ප්‍රේශන නිසි පරිදි ලැබෙමින් ඇත මේ නිසා රටේ ඩොලර් හිඟයක් නැත. උද්දමනය අවම වී ඇත. අප රටේ ඩොලර් සංචිතය බිලියන පහක් දක්වා වැඩි කිරීමට හැකිවිය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් විදුලි කප්පාදු කිරීම් දකින්නට නැත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් හිඟයක් දක්නට නැත. රට නැවත නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් ඇත.
මේ මොහොතේ ඇතැමුන්ට මීට වසර දෙකකට පෙර අප රට තිබුන තත්වයන් අමතකව ගොස් තිබිය හැක. නමුත් යමෙකුට එසේ අතීතය පහසුවෙන් අමතක කරන්න හැකි පමනට හෝ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කලේ වෙන කව්රුත් නොව ජනපති රනිල් විසිනි. එසේ නම් පාලකයා යනු කවරෙක්ද යන්න කයිවාරුවලින් තොරව ක්‍රියාවෙන්ම ඔප්පු කල රනිල් වික්‍රමසිංහට වඩා සුදුස්සෙක් මේ මොහොතේ මේ ලක් පොලොවේ සිටින්නේද යන්න අප බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. ඒ මන්ද යත් ජනපති රනිල් මීට වසර දෙකකට පෙර රට හමුවේ පොරොන්දු උන පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට ඔහු කටයුතු කර ඇති බැවිනි.
එසේනම් හුණුවටය නාට්‍යයේ විනිසුරු අසඩක් මෙන්ම ඔබේ අපේ මාතෘ භූමිය නැමැති දරුවා ගැන සැබෑ කැක්කුමක් ඇතිව අඳුරු ආගාදයට යානොදී ගලවාගැනීමට කටයුතු කලේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පුරවැසියන් වශයෙන් ඔබ අප තුලද නිවැරදි විනිශ්චයක් තිබිය යුතුමය.
(ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දෙවර්ශ පූර්ණ පදවිප්‍රාප්තිය වෙනුවෙන් තැබූ සටහනකි.)
- නීතීඥ සමින්ද කෝණාර –
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්