වතුකරයේ ගෑස් ගැටළුවක්!

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ (LNW):

වතු ආශ්‍රිත , හැටන් ඇතුළු ප්‍රධාන නගර වල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිඟයක් පවතින බව අලෙවි නියෝජිතයින් සහ පාරිභෝගිකයන් පවසති.

මාසයක පමණ කාලයක සිට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ඉල්ලුමට සරිලන ගෑස් තොග නිකුත් නොකිරීම සහ නියමිත කාල සටහන අනුව ගෑස් තොග බෙදා නොහැරිම නිසා ගෑස් හිඟය මතු වි ඇති බව, හැටන් ප්‍රදේශයේ ගෑස්අලෙවි නියෝජතයන් පවසා සිටී.

තම අලෙවි නියොජිත ආයතන සතු හිස් ගෑස් සිලින්ඩර් පවා ආයතනය විසින් රැගෙන ගියද , එම හිස් ගෑස් සිලින්ඩර් වලට අදාල ගෑස් පිරවු සිලින්ඩර් සති කිහිපයක සිට ලබා නොදුන් බව අලෙවි නියෝජිතයන් තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

ලිට්‍රෝ ගෑස් නොලැබීම හමුවේ හැටන් නගරයේ ගෑස් අලෙවිසැල් කිහිපයක් වසා දමා තිබෙන බවද වාවාර්තා වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...