යළිත් නෙත්මි ඉතිහාසයට එකතු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 22, (LNW) කොළඹ :

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයක පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ මලල්ව පොර ක්‍රීඩාව ලෝක අවධානයට ලක් කළ නෙත්මි අහිංසා ප්‍රනාන්දු මේ මොහොතේ දී තායිලන්තයේ ක්‍රියාත්මක වෙමින් පවතින අවුරුදු 20 න් පහළ ආසියාතික කාන්තා මලල්ව පොර තරගයේ දී ද ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් යළිත් ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ සිය නම රන් අකුරින් සටහන් කර ගන්නට සමත් වූවාය.


කිලෝ ග්‍රෑම් පර පංතියෙ නෙත්මි අහිංසා පරාය වූ එකම තරගය වූ අවසාන පූර්ව තරගයේදී ද පරාජයට පත් වුණේ ලකුණු 8-7 ක් ලෙස වූ තියුණු තරගයකින් ඉනික්බිතිවය.ඒ මේ තරගාවලියේ එම බර පංතියෙන් රිදී පදක්කම දිනූ කීර්තිට එරෙහිවය.ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දී නෙත්මි අහිංසා ඉතාම පහසුවෙන් ටර්කිමෙනිස්තාන් ක්‍රීඩිකාව වූ ලකින් ඇනාමුරදෝවා ලකුණු 10-0 න් පරාජයට පත් කළාය.


නෙත්මි මෙන්ම ඇයගේ ක්‍රීඩා සමාජයම නියෝජනය කරන නිපුනි වාසනා ද මේ තරගාවලියේදී සිය අලුත් අත්දැකීමට දිරියෙන් මුහුණ දුන් ක්‍රීඩිකාවකි.ඇය ද අවසන් පූර්ව තරග සඳහා පිවිස ලෝකඩ පදක්කම සඳහා වූ තරගයද ක්‍රීඩා කර පරාජයට පත් වී තරගයෙන් ඉවත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?