කිර්ගිස්තානය පරද්දන්න පුළුවන්, ඒත් පරද්දන්න අමාරු කණ්ඩායමක් බව දැන සටන් කළ යුතුයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 23, (LNW) කොළඹ :

මාල දිවයින කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජය කරමින් ශ්‍රී ලංකා අවුරුදු 20 න් පහළ කාන්තා කණ්ඩායම මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ අවසාන මහා තරගයට පිවිස තිබෙනවා.තරග වට 3-0 ක් වූ මාල දිවයිනට එරෙහි ජයග්‍රහණයේ දී මාල දිවයින කණ්ඩායමට එකදු වටයකදී හෝ ලකුණු 10 කරා ඒමට ශ්‍රී ලංකාවෙන් ඉඩක් ලැබුණේ නැහැ.


මේ වන විට අපරාජිත වාර්තාව තිබෙන්නේ ලාංකේය ගැටවරියන් අතයි.අවසාන මහා තරගයට එන කිරිගිස්තාන කණ්ඩායම පහසු නැහැ.ශ්‍රී ලංකාව පළමු වටයේදී ඔවුන්ව පරාජය කළේ 3-2 ක් ලෙසයි.ඔවුන් අවසාන මහා තරගයට පිවිසීම ස දහා නේපාලයට එරෙහිව තරග වඳිද්දි ශ්‍රී ලංකා පරාජයෙන් පසුව යම් නැගිටීමක් සහිත ශක්තියක් පෙන්නුම් කළා.


ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් ශක්තිය සහ උස සහිත ක්‍රීඩිකාවන් සිටියත් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ තැනට අවශ්‍යය දේ කිරීමේ ක්‍රීඩාවේ භාවිතයෙන් උපයාගත් දැණුම ඔවුන් සතුව තිබීමයි.ජීවිතය සතුටෙන් ගෙවන්න මොහොතට අදාළව සතුට සකසා ගැනීම මේ ලාංකේය ක්‍රීඩිකාවන්ගේ ජීවිත ඇතුළේ බොහෝ විට ඇත්ත ලෙස හැංගී තිබෙනවා.ඒ නිසාම ඔවුන් සතුට සාක්ෂාත් කරගන්න වොලිබෝලයට එල්ල කරන පහරවල්වල තියෙන්නේ ජීවිතය තෘප්තිමත් කරගත හැකි ඉඩ කඩයි.ඒ ආත්මීය උවමනාවන් නිසා සහ මේ වන විට පුහුණු කාර්ය මණ්ඩලයේ සිටම නහරවලින් එකට ගැට ගැහී සිටින සේ ක්‍රීඩාව විඳිමින් ජයග්‍රහණය සොයමින් කරන සටනේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසට තල්ලු කිරීම පහසු නැහැ.


එහෙත් ඇත්ත කතාවෙදි අපේ හිතේ හයියට සහ උවමනාවට සියයට සියයක් සාර්ථක වෙන්න බැහැ.භෞතික හැඩය අත්‍යවශ්‍යය වෙනවා.ඒ ක්‍රියාවන් කොහොමද සාක්ෂාත් කර ගන්නෙ කියන ඇත්ත එක්ක හැප්පෙන්න යද්දි ප්‍රතිවාදියාගේ දුර්වලකම් සහ දක්ෂකම් කියන දෙපාර්ශවයම හොඳින් අධ්‍යයනය කර ඒ ඇසුරෙන් තමන්ගේ ජයග්‍රාහී මාවත සකස් කර ගැනීමට බුද්ධිමත් වෙන්න වෙනවා.


ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන්ගෙන් ප්‍රහාරිකාවන් වඩාත් සාර්ථක වෙන ප්‍රධාන හේතුව නිසි එල්ලයකට පන්දුව පතිත කිරීමයි.පිටිය තුළ සහ හිස් අවකාශ ඉතාමත් සූක්ෂම ලෙස ක්ෂණිකව සොයා ගැනීමේ මනසක් සහ කයක් ඇති ක්‍රීඩීකාවන් මේ පුංචි කෙල්ලන්ගෙ කණ්ඩායමේ සිටීම තමයි ශ්‍රී ලංකාවේ වොලිබෝල්වලට සතුටු වෙන්න තියෙන හොඳම කාරණය.


ඒත් කිර්ගිස්තානය වැනි කණ්ඩායමක් සමඟ සටනකදි දැල අසළ සටන් අඩු කර ගැනීම වැදගත් වෙයි.පන්දු ආවරණය කිරීමේදී ඔවුන්ගේ උස අභිබවා සිය බුහුටි දෑත් තුළින් ප්‍රහාර වළක්වා ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දක්වන සමත්කම පැසසිය යුතුයි.එහෙත් ප්‍රහාරයේදී තමන්ට වඩා උස් ආවරණවලට දැල අසළ අභියෝග කළ හැකි බව අවධානයට ගෙන සටන් කිරීම වැදගත් වෙයි.විශේෂයෙන් අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චතුරි සහ හර්ශණිගේ ක්‍රීඩා විලාශය කිර්ගිස්තානයේ අධ්‍යයනය ඇතුළෙ කෙතරම් පතුලට හදාරා ඇද්ද කියන කාරණය දැක ගන්නට ලැබේවි.ඒ නිසා හොඳම දේ හර්ෂණී සහ චතුරිට වෙනස් වීමේ තියෙන හැකියාවයි.එසේම සුලක්ෂණා මේ තරගයේදී වැඩි පුර අවධානයක් යොමු කළ යුතු ක්‍රීඩිකාවයි.චතුරිගෙ නංගි වුව ඇය ඇතැම් විටෙක මොහොතට අදාළව යම් යම් තේරීම් කරන්න සිඳුවෙද්දී චතුරිටත් වඩා මේරු ගතියක් පෙන්වනවා.


පන්දුව දැලට ඉතා ආසන්නයෙන් සැකසීම අඩු කිරීම සහ ක්ෂණික ප්‍රහාර ගැනත් අවධානය යොමු කිරීමෙන් කිර්ගිස්තානයට වෙනදා දුටු ශ්‍රී ලංකාවට වඩා වෙනස් ශ්‍රී ලංකාවක් සමඟ තරග කරන්න සිඳුවීමෙන් පීඩනයක් ඇති කිරීමට හැකිනම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට පහසුවක් වේවි.කිසිම විටෙක තරගය සැහැල්ලුවෙන් ජය ගන්නට කිර්ගිස්තානය ඉඩ නොදෙන බව සහතිකයි.3-2 ක් ලෙස ජයගත් තරගයේදී 9 – 2 ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවට තරගය ජයගන්න සිඳු වුණේ 15 – 10 ක් ලෙස අවසාන වටය නිම කරමින් කියන කාරණයත් සමඟ ඔවුන් තරගය අත් නොහැරීම ගැන කල්පනාවට ගැනීම වැදගත්.
අද තියෙන්නෙ දිනන්න බැරි තරගයක් නෙමෙයි.දිනන්න පුළුවන් ඒත් අමාරු තරගයක්.එහෙම අමාරු දේවල් ජයගැනීම තමයි දක්ෂතාවය.අද දක්ෂතාවය උපරිමයෙන් පෙන්නන්න,වඩාත් ජයග්‍රහණය පහසු කරවන සැළසුම් ගැන අලුතෙන් හිතන්න ශ්‍රී ලංකාවට හැකි වෙන දවසක් වේවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...