පාර්ලිමේන්තුව රැස්වෙන්නේ මෙහෙමයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW):

අද (23) සිට 26 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වී‌මට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

මේ අනුව පාර්ලිමේන්තුව අද (23 )  වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙන බව පැවසේ .

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

ජූලි 24 වැනි බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් ගෙනෙනු ලබන “ කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය ( AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

ජූලි 25 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තිරණය වී තිබෙන බව සඳහන් වේ.

මේ අනුව අදාළ විවාදය සඳහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සළකා නොබැලීමටත් මෙහිදී ඒකඟත්වය පළ වී ඇත.

ජූලි 26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර තිබෙන බව පැවසේ.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ඒ.ඒච්.ඒම් අලවි, ඒම්.ඒන් අබ්දුල් මජීඩ්, පාලිත තෙවරප්පෙරුම සහ මිල්රෝයි ප්‍රනාන්දු යන මහත්වරුන් සඳහා ශෝක යෝජනා පළ කිරීමට එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වූ බව මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...