ශ්‍රි ලංකාවට චමරිමය ජයක්!

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 23, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටින සුවිශේෂිම ක්‍රීඩිකාව වන චමරි අතපත්තු,ලෝකයේම සිටින විශිෂ්ඨ ක්‍රිඩිකාවක් බව සනාත කරන ඉණිමක් මැලේසියාවට එරෙහිව ක්‍රියාත්මක කරමින් ලකුණු 144 ක ජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පෙරමුණ ගත්තා.ඇය ආසියානු කාන්තා විස්සයි විස්ස තරගාවලියේ පළමු ශතකලාභිණිය වුණා.ඇයගේ ජීවිතයේ තෙවන විස්සයි විස්ස අන්තර්ජාතික ශතකය සමඟ ඇය විස්සයි විස්ස ඉණිමක රැස් කළ වැඩිම ලකුණු ගණන වූ 119 නොදැවී ලබා ගැනීමටත් සමත් වුණා.


එක දිගටම සාර්ථක වූ විශ්මි ගුණරත්න එක ලකුණකට දැවීයාමත් සමඟ වඩාත් කල්පනාවෙන් ඉණිම ගොඩ නැඟූ චමරි,හැසිරුණේ දඩයමක් අත්පත් කර ගැනීම සීරුවෙන් සිදු කරන ව්‍යාඝ්‍ර ධේනුවක් මෙන්ය.සෙමෙන් කෙමෙන් දඩයම තමාගේ කර ගත් චමරිගේ ඉණිමේ අන්තිම කොටස ගිණිකෙළි සංදර්ශනයක සිරි ගත්තාය.හයේ පහර 7 න් සහ හතරේ පහර 14 න් පෝෂණය වී තිබූ චමරිගේ ලකුණු 119 ට ගත වී තිබුණේ පන්දු 69 ක් පමණි.පළමු ලකුණු 50 පන්දු 35 න් ලබා ගත් චමරි අවසාන ලකුණු 69 ට වැය කර තිබුණේ පන්දු 34 ක් පමණි.


හර්ෂිතා මාධවී ලකුණු 26 ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 31 න් චමරිට ශ්‍රී ලංකා ඉණිම ගොඩ නඟන්නට දායක වූහ.කඩුලු 4 ට රැස් කළ ලකුණු 184 හඹා යාමට මැලේසියාව පැමිණි මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවිමේ බලඇණියේ ඉදිරි පියවර දැක ගන්නට ලැබිණි.විශේෂයෙන්ම 15 හැවිරිදි ශෂිනි ගිම්හානි ජාතික කණ්ඩායම තුළ අත් කරගෙන තිබෙන වර්ධණය පැහැදිළි කරන පන්දු යැවීමක යෙදෙමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 9 ට කඩුලු 3 ක් දවා ගනිමින් නිමා කර ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නිය වූවාය.කවීශා දිල්හාරි ලකුණු 4 කඩුලු 2 ක් සහ කාව්‍යා කාවින්දි ලකුණු 7 ට කඩුලු දෙකක් ලෙස කඩුලු අතරට පැමිණි අතර සචිනි නිසංසලා පන්දු ඕවර් 4 ලකුණු 4 ට නිමා කරමින් කඩුල්ලක් අත් කර ගත්තාය.


ලකුණු පූවරුව → https://es.pn/3WyBmKo
මේ දක්වා ගෙවුණු තරගාවලිය ගත් විට චමරි වැඩිම ලකුණුලාභිණිය ලෙස පෙරමුණ ගෙන සිටින අතර වැඩිම කඩුලුලාභිණියන් අතර ඉන්දියාවේ දීප්ති ෂර්මා සමඟ සම තැන සිටින්නේ ද ලංකාවේ ක්‍රීඩිකාවක්ය.එහෙත් ඇය නියෝජනය කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර නමින් කවීශා කුමාරි එගොඩගේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...