(VIDEO):ආණ්ඩුවට යනවනම් යන්නේ ඉතින් බංකොලොත් අය තමයි – තිස්ස

කොළඹ LNW: සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ එක්වීමට නියමිත බවට අවස්ථා ගණනාවකදීම කියවුණු නමුත් එවැන්නක් සිදුනොවන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු යම් කිසිවක් හෝ එලෙස යන්නේ නම් ඒ බංකොලොත් අය පමණක් වන බවත් සමඟියෙන් එලෙස කිසිවෙකු හෝ ආණ්ඩුව පාර්ශවයට යනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මේ සතිය අවසන් වීමට පෙර මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයට අදාළ දිනය ප්‍රකාශයට පත්කරනු අතර සමඟි ජන බලවේගය මැතිවරණයට සූදානම් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

කවුරුන් හෝ රට ස්ථාවර තැනකට ගෙන ඇත්නම් එය හොඳ දෙයක් වන අතර දැන් අවශ්‍ය වන්නේ එතැන් සිට ඉදිරියට යාම වන බවත් එලෙස ඉදිරියට යන්නේ කුමන කණ්ඩායමක් සමඟද යන්න ජනතාව තීරණය කළ යුතුව ඇති බවද හෙතෙම කියාසිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ මහනුවරදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...