(VIDEO):ආණ්ඩුවට යනවනම් යන්නේ ඉතින් බංකොලොත් අය තමයි – තිස්ස

Date:

කොළඹ LNW: සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ එක්වීමට නියමිත බවට අවස්ථා ගණනාවකදීම කියවුණු නමුත් එවැන්නක් සිදුනොවන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු යම් කිසිවක් හෝ එලෙස යන්නේ නම් ඒ බංකොලොත් අය පමණක් වන බවත් සමඟියෙන් එලෙස කිසිවෙකු හෝ ආණ්ඩුව පාර්ශවයට යනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මේ සතිය අවසන් වීමට පෙර මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයට අදාළ දිනය ප්‍රකාශයට පත්කරනු අතර සමඟි ජන බලවේගය මැතිවරණයට සූදානම් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

කවුරුන් හෝ රට ස්ථාවර තැනකට ගෙන ඇත්නම් එය හොඳ දෙයක් වන අතර දැන් අවශ්‍ය වන්නේ එතැන් සිට ඉදිරියට යාම වන බවත් එලෙස ඉදිරියට යන්නේ කුමන කණ්ඩායමක් සමඟද යන්න ජනතාව තීරණය කළ යුතුව ඇති බවද හෙතෙම කියාසිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ මහනුවරදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...