වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW):

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම සංශෝධනය වේතනය කිරීම පනත පිණිස 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. 

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...