එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ කිම් චේට්ල් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් ඉල්ලා අස්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජූලි 13වන දා පෙන්සල්වෙනියාවේ මැතිවරණ රැළියක් අතරතුරදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ කිම් චේට්ල් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

නියෝජිතායතන කාර්ය මණ්ඩලය වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කරමින් එතුමිය සඳහන් කර තිබුණේ, ඔබේ අධ්‍යක්ෂවරයා වශයෙන්, ආරක්‍ෂක දෝෂයේ සම්පූර්ණ වගකීම මම භාරගන්නා බවයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති මතභේදාත්මක නඩු විභාගය තුලදී ඒ සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු දීම ඇය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් යන දෙපාර්ශවයම ඇයට ඉල්ලා අස්වන මෙන් දන්වා තිබිණි.

මේ වන විට ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා රහස් සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Ronald Rowe පත් කර ඇති අතර ජනාධිපති බයිඩන් විසින් නව අධ්‍යක්ෂවරයකු නුදුරේදීම පත් කරනු ඇති බවයි ධවල මන්දිරය සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...