දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් !

0
560

සටහන – රුවන් නෙළුගොල්ල

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ පෙත්සම් ගොනුකර ඇත්තේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඇතුළු පාර්ශ්ව 09ක් විසිනි.