ගුරු වෘත්තීය සමිති අකුරට වැඩ අතරේ රාජ්‍ය ඇමති ප්‍රමිත දඹුල්ලේ ගුරුවරු එක්ක අකුරටම වැඩ!

කොළඹ LNW:ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩකිරීම හා වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කිරීම හෙතුවෙන් පාසල් අධ්‍යාපනය ගැටලු සහගත තත්ත්වයක පත්ව ඇති මොහොතක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් රු. ලක්ෂ 235 ක වැය කර නවීකරණය කල දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත් කරන ලදි.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලබා දී තිබුණි.

නවීකරණය කරන ලද දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවය සදහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද සහභාගී විය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පාසලේ නඩත්තු හා නවීකරණය සඳහා අත්‍යාවශ්‍ය වූ ඇස්තමේන්තුගත රුපියල් ලක්ෂ 235 ක මුදලක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම මත වෙන් කරවාගෙන පාසලේ ගොඩනැගිලි, ජල, විදුලි, සනීපාරක්‍ෂක ඇතුලු සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකර සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් පරිසරයක සිට කරගෙන යාමට හැකිවන පරිදි එය දින සිසු අයිතියට පත් කර තිබේ.

ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩකිරීම ප්‍රකාශයට පත්කර ඇති මොහොතක වුවද, රටටම ආදර්ශයක් වෙමින් එම වෘත්තියේ ඇති ගෞරවය ආරක්‍ෂා කරමින් දඹුල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, ගුරුභවතුන් හා එම ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් විසින් දරුවන්ගේ නැණ නුවණ පැදීම සඳහා පිටුවහලක් වන මෙම උදාර කටයුත්තට සහය දීම ඉතා සුවිශේෂී කරුණක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...