කැබ් රථයක් සහ යතුරු පැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටී අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් දොඹගහවෙල ඉන්දන පිරවුම් හලආසන්නයේ දී බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් සහ යතුරු පැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙන බව වාර්තා වේ.

මෙම අනතුරින් කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයකු කැබ් රථයතුල සිරවී සිටි අතර එම පුද්ගලයන් දෙදෙනා ඉන් බේරාගැනීමට අසල සිටි පිරිස් වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව පොලිසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කඩිනමින් මුදවාගෙන මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම පුද්ගලයන් දෙදෙනා මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවයි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු දොඹගහවෙල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...

මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ...

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...