විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ඇප!

0
191

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

රුපියල් කෝටි 5000කට අධික මුදලක් අන්තර්ජාලය හරහා වංචා කර චීනයට යැවීමේ සැක පිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළ බව පැවසේ.

මෙම ඇප නියම කර ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයකු,කොළඹ තරුණියක හා චීනය, පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පිතිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.