ප්‍රංශයේ තත්ත්වය

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :


මේ දිනවල ප්‍රංශය හරි කළබලයි. ඒ ඔලිම්පික් මංගල්ලය එ’රටට ඇවිත් නිසා. ප්‍රංශ මිනිස්සු ආඩම්බර වෙනවා ඒ ගැන. ඒ වගෙම ඒ අයගෙ නිදහස ඇහිරිලා. ඒ ගැන කණගාටු වෙන කේන්ති ගන්න පිරිසකුත් නැතුව නෙමෙයි.


නිදහස ඇහිරෙන්නෙ දැඩි ආරක්ෂාව නිසා.ලෝකයටම වග කියන්න වීමේ ගෞරවය සහ ආඩම්බරය ලෝකයෙන් ප්‍රංශයට එන කිසිවෙකුට අනතුරකට ඉඩ නොතබා රැක ගන්නත් අවශ්‍යය වෙනවා.ඒ නිසා දැඩි රැකවරණ සහ පරික්ෂා කිරීම් සිඳු වෙනවා.ඒ නිසා යම් යම් පමාවන්වලට දෛනික ජීවිතයෙදි මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා.


ඒ පරික්ෂා කිරීම් අස්සෙ තව කල්ල මරේ කට්ටියකුත් ඉන්නවා.ඒ අය මේ වන කොට තමන් මිලදී ගත් ටිකට් වැඩි මිලට විකුණමින් හොඳ ආදායමක් උපයා ගනිමින් ඉන්නවා.සාමාන්‍ය ටිකට් පතක මිල,ලංකාවෙ මුදලින් රුපියල් ලක්ෂ ගණනකට මිලදී ගන්න මිනිස්සු ඉන්නවා.ඒ වගෙම පැරිස් හී හුංඩු කාමරවල මිලත් තිබුණු තරම මෙන් පස් හය ගුණයකටත් ඉහළ දමා ඇති තැන් ද දකින්නට ලැබෙනවා.මේ පැරිස් නගරයේ එක කොටසක ඡායාරූප කිහිපයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...