දේශබන්දුට තෙන්නකෝන්ට දැන් පොලීසියටවත් එන්න බැහැ. වහාම වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කරන්න – SJB හිරුණිකා

Date:

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් අද (25) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අදහස් දක්වා සිටියාය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරය දැරීම අභියෝගයට ලක්කරමින් ගොණු කර තිබුණු පෙත්සම් අතුරින් තමන්ද සමඟි ජන බලවේගය නියෝජනය කරමින් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණු බවයි ඇය පැවසුවේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට දැන් පොලිස් කොස්තාපල් තනතුර හෝ දැරිය නොහැකි අතර ඔහු දැන් සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් බව ඇය සඳහන් කරන ලදී.

”දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරය දැරීම අභියෝග කරන්න හේතුව වුණේ එකක් පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ වගකීම් රහිත ක්‍රියාකලාපය. ඒ වගේම ඔහුට විරුද්ධව ලබා දීල තියෙනවා අධිකරණ තීන්දුවක්. ඒ අධිකරණ තීන්දුව මඟින් වැරදිකරු විදිහට ඔප්පු වෙලා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සමබන්ධයෙන් දඩ මුදලක් පවා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා වින්දිත පාර්ශවයට. ඔහු මේ ධුරයේ හිටියා නම් ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වෙයි කියන විශ්වාසයට එන්නත් බැහැ.. ප්‍රධානම හේතුව තමයි අරගල කාලයේදී අරගලකරුවන්ට අඩන්තේට්ටම් කිරීම, පහර දීම වැනි දේවල් අපි ඉතාම හොඳින් දන්නවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ යටතේ ආණ්ඩුව ක්‍රියාත්මක වීමේදී විපක්ෂය විදිහට අපිත් අනෙකුත් සිවිල් සංවිධාන සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් යන මේ සියලු දෙනා පාරට බැහැල යම්කිසි විදිහකින් උද්ඝෝෂණ සිද්ධ කරද්දී පොලීසිය ඉතාම මිලේච්ජ ආකාරයට තාඩන පීඩන වලටලක්කළා. ඉතාම අමානුෂික විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ප්‍රහාර එල්ල කළා. ඒ සෑම අවස්ථාවකදීම නායකත්වය ගත්තේ මේ දේශබන්දු තෙන්නකෝන් කියන පුද්ගලයා. මෙවැනි විශාල කාරණා ප්‍රමාණයක් තියෙද්දී තමයි ඔහු මේ ධූරය දැරුවේ. ඔහු දැන් ශ්‍රේෂ්ඨාධිකරණය දීල තියෙන තීන්දුව හරියට කියව ගන්න ඕනේ. තීන්දුවට අනුව පොලිස්පතිකම විතරක් නෙවෙයි පොලීසියට පය තියන්නත් බැහැ. කොස්තාපල් ධූරයවත් නැහැ. නිල නිවාසවල ඉන්න බැහැ.මේ දීල තියෙන නියෝගය අනුව තවදුටත් ඔහු සිවිල් පුරවැසියෙක් බවට පත්වෙනවා.”

ඒ අනුව දැන් ආණ්ඩුව කළ යුත්තේ වැඩබලන පොලිස්පතිවරයෙක් වහාම පත්කිරීම බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...