රටකට අමතක කළ නොහැකි පුරාවෘත සමඟ ඇරඹුන පැරිස් ඔලිම්පික් 2024

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 27, (LNW) කොළඹ :ලෝකයේ අලුතින් හිතන මිනිස්සු ලෝකය පවතිනතාක්ම උපහාරයට ගෞරවයට පත් වෙනු නො’අනුමානය.පැරිස් ඔලිමිපික් උළෙලේ දී ද,ප්‍රංශයට ලෝක අවධානය සහ ගෞරවය ගෙනා මොන්ට්ගොල්ෆර් සහෝදරයන් ඇගයීමට ලක් කර තිබිණ.කිසිවෙකුත් නොසිතන මොහොතක ගුවනේ වායු බැලුනයෙන් කරන සංචාර ඇත්තක් කළ මොන්ට්ගොල්ෆර් සහෝදරයන් ගේ වායු බැලුනය නැවත සිහියට ගන්වමින් ඔලිම්පික් පහණ දැල්වීම එයට පවරා තිබිණි.

මලල ක්‍රීඩිකාවක ලෙස ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වයකින් ප්‍රංශයට ගෞරවය ගෙනා මාරි ජෝස් පෙරේක් ද,ජූඩෝ ක්‍රීඩකයෙක් ලෙස රන් පදක්කම් ත්‍රිත්වයකිනි සහ ලෝකඩ පදක්කම් දෙකකින් ප්‍රංශයට අභිමානය ගෙනා ටෙඩී රිනර් ද,මොන්ට්ගොල්ෆර් සහෝදරයන්ව සිහිපත් කරමින් දැල් වුණ ඔලිම්පික් පහනට ආලෝකය එක් කිරිමේ වගකීම පැවරුණු පුරාවෘත්ත දෙක විය.

ඔලිම්පික් ගිනිසිළුව, ප්‍රථම වතාවට, වාතයෙන් සහ විදුලියෙන් සහ ජලයෙන් සම්පූර්ණයෙන්ම දැල්වීම සිඳුවන මේ මොහොත තරග බිමෙන් පිටත එය තැන්පත් කර තැබීම ද සිඳුවන්නේ ප්‍රථම වතාවටය.සම්ප්‍රදාය වඩාත් අර්ථවත්ව බිඳ හැඩ ගන්වන මොහොතක් හැටියට ගැනෙන පැරිස් 2024 ඔලිම්පික් පහන දැල්වීමේ මොහොත මෙන්ම ක්‍රීඩක සමාරම්භය සටහන් කරමින්,සිය රටේ ධජ ප්‍රදර්ශනය කරමින් කණ්ඩායම් ඇදී ආවේ,ඓතිහාසික සයින් නදිය හරහා ය.ලෝකයට අලුත් සළකුණක් තබන අතරේම ප්‍රංශය මේ මොහොත යොදා ගනිමින් ඔවුන්ගේ ඓතිහාසික අභිමානය මෙන්ම වානිජමය වටිනාකම් සහිත සංචාරක කේන්ද්‍රස්ථාන ද පැරිස් නගරයේ දී ස්පර්ශ වන අකාරයට පැරිස් 2024 ඔලිම්පික් වටපිටාව සකස් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...