නාමල්ගේ නිවසේ උණුසුම් තත්ත්වයක් ?

Date:

කොළඹ පිහිටි පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසේ දී, නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

ඔහුගේ නිවසට රාත‍්‍රි කාලයේ පැමිණ ඇති ලොහාන් රත්වත්තේ මහතා සමග සිදුවූ මෙම බහින්බස්වීම ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීම නිවසේ සිටි පිරිසේ මැදිහත් වීමෙන් වලක්වා ඇතැයි පැවසෙන අතර , ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම වචන හුවමාරු සිදු වී තිබෙන බවයි කියන්නේ. නිවසේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත්වී මෙම වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය නොවීමට වගබලාගෙන ඇතැයි කියනවා.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා එහිදී තදින්ම සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය දිය යුතු බව යැයි වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...