සත්කාරකයන් දිනා ගත් පළමු රන් පදක්කම

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 28, (LNW) කොළඹ :

සත් සාමාජික රගර් ක්‍රීඩාවේ රන් පදක්කමේ අයිතිය තහවුරු කර ගෙන සිටි ෆීජී කණ්ඩායමට එය තව දුරටත් ප්‍රංශයෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.ඒ ප්‍රංශ ක්‍රීඩකයන්ගේ හපන්කම් නිසාය.මේ නිසා ප්‍රංශයට 28 – 7 ක් ලෙස ෆීජී කණ්ඩායම පරාජය කරමින් 2024 අතරේ ඔලිම්පික් තරගාවලියේ සත් සාමාජික රග්බි කිරුළට හිමිකම් කියන්නට හැකි විය.


ප්‍රංශය සතු වූ අත්දැකීම් බහුල ඇන්ටොයින් ඩූ පොන්ට් ප්‍රෙක්ෂකයින් 69000 ක් අතරෙන් බහුතරයක් වූ ප්‍රංශ වාසීන්ගේ පමණක් නොව සමස්ත ලෝක වාසී රගර් ලෝලීන්ගේ ආදරය සහ ගෞරවයට පාත්‍රවීම නොවැළක්විය හැකි වනු ඇත.15 දෙනාගේ රගර් ක්‍රීඩාවේ ප්‍රංශය කණ්ඩායමේ නිශ්චිත සථානය සමඟ සුපිරි සය සාමාජික රගර් තරගාවලිය ද,එම රගර් ආකෘතිය ඇතුළේ දිනා ගෙන හැකි වරප්‍රසාද ද,ප්‍රංශයට මෙවර සත් සාමාජික ඔලිම්පික් කිරුළ දිනා දීම වෙනුවෙන් ඉවත හළ,ඩූ පොන්ට් අවසානයේ එය සාර්ථක කර ගනිමින් කැපී පෙණෙන දස්කම් දැක්වීය.’


උත්සාහක දිණුම් දෙකකට වග කියමින් ද,තවත් උත්සාහක දිණුමකට සහය වෙමින් ද ඩූ පොන්ට් ප්‍රංශයට ඓතිහාසික ජයක් ලබා දීම වෙනුවෙන් ගත් තීරණයට සාර්ථකත්වය ළඟා කරමින් තරගාවලිය නිමා කළේ දෙවරක්ම ඔලිම්පික් රන් කිරුණ දරා ගෙන පැමිණි ෆීජී අභිමානය රත්තරන්වලින් රිදි දක්වා පහත හෙළමින්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...