*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මෝඩයාගේ දවසේ රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් මෝඩ තීරණයක්

නව අනුග්‍රාහක සම්ප්‍රදායක් හඳුන්වා දෙමින් රගර් ක්‍රීඩාව අනුග්‍රාහක බැමිවලින් නිදහස් කරමින්,ගෞරවණීය සහ ආදරණීය අනුග්‍රාහක බැදීමක් ඔස්සේ ඉදිරියට රැගෙන යාමට උත්සාහ දැරූ රගර් පරිපාලනය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යංශය මෝඩයාගේ දවසේ ක්‍රියා කර ඇත.

ඉකුත් වසරේ රගර් පරිපාලනය ගත් තීරණ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ඊට අවශ්‍යය පිළිතුරු බැදීමට රගර් පරිපාලනය කටයුතු කර තිබියදීත් හිටපු රගර් නායකයෙක් වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.පැරණි අනුග්‍රාහක ආයතනයේ ප්‍රධානියා ක්‍රීඩා අමාත්‍යංශයෙ අනුග්‍රහක කමිටුවේ ප්‍රධානියා හැටියට තබාගෙන ක්‍රීඩාව මෙහෙයවන අමාත්‍යවරයා තමා ද ක්‍රීඩා කළ රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් අනුග්‍රාහකයාට කරුණු දැක්වීමට කිසිඳු උත්සාහයක් නොගත්තේය.ඒ වෙනුවට අවසානයේ අනුග්‍රාහකයාගේ සීමාවන් ලිහිල් කරමින් නව ගෞරවණීය අනුග්‍රාහක සීමාවන් යටතේ ක්‍රියාත්මක වූ රගර් ක්‍රීඩාව තහනම් කිරීම අමාත්‍යවරයාගේ තීරණය වී තිබේ.

මේ වන විට රාජපක්ෂ පවුලට රට පුරා ප්‍රසිද්ධ උත්සව සඳහා සහභාගි වීම වළක්වමින් ජනතාව විරෝධය දක්වන්නට පටන් ගෙන ඇත.එවැනි තත්ත්වයක අද (අප්‍රේල් 2) යෝෂිත රාජපක්ෂ රගර් ක්‍රීඩාවෙන් සමුගැනීමේ තරගයට සහභාගිවීමට සූදානම්ව සිටියේය.ඒ සම්බන්ධයෙන් ද විරෝධයක් මතුවෙමින් තිබියදී,ක්‍රීඩා අමාත්‍යංශය විසින් ගනු ලැබූ තීරණය ඇතැම් අය හඳුන්වන්නේ යෝෂිත රාජපක්ෂගේ ආත්ම ගෞරවය රැක ගැනීම සඳහා ගනු ලැබූ තීරණයක් බවය.

“යෝෂිතට එන හූව නවත්තන්න රගර්වලට ඇණ ගහපු මෝඩ තීරණය” මෝඩයාගෙ දවසෙම ගත් බව රගර් ලෝලීන්ගේ මතය වී ඇත.එසේම යෝෂිත ක්‍රීඩක භූමිකාවෙන් සමුගත් පසු පරිපාලනයට පිවිසීම සම්බන්ධයෙන් ඉඟියක් දී තිබූ අතර බලය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඕනෑම ලැජ්ජා නැති තීරණයක් ගැනීමේ සම්ප්‍රදායට අනුව මෙයද ගන්නට ඇති බව ද සමහර රගර් ප්‍රේමීන් ගේ මතය වී ඇත.

රටපුරා මතුවෙන රාජපක්ෂ විරෝධී උද්ඝෝෂණ රැල්ලටම රාජපක්ෂලා රගර් සම්බන්ධයෙන් ගත් තීරණය ද එකතු විය හැකි බව පවසන පිරිස් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එම තීරණයේ ස්වභාවය අනුව එය මෝඩයාගේ දවසේම ගැනීම ඔහුගේ අනන්‍යතාවය පැහැදිළි කිරීමක් බව පවසන්නේ ය.

අමාත්‍යංශයෙ අනුග්‍රාහක කමිටුවේ ප්‍රධානියා රගර් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පරිපාලනය ගත් තීරණයට එරෙහිව සිය සමාගමේ බලය පෙන්වද්දී හිටපු රගර් නායකයෙක් ලෙස මුනිවත රැකි ක්‍රීඩා අමාත්‍යවරයා,රගර් පරිපාලනයට අමාත්‍යංශය හරහා හෝ ප්‍රතිපාදන ලබා දෙන්නට කටයුතු කළේ නැත.ඉන් අනතුරුව රගර් සම්මේලනය රගර් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රගර් පරිපාලනය ගත් තීරණයට එකඟවෙමින් පැමිණි අනුග්‍රාහකයා සමඟ ජාතික ලීග් තරගාවලිය ක්‍රියාත්මක කරමින් සිටියදී සම්මේලනය තහනම් කිරීමට පියවර ගෙන ඇත.

හිටපු ජාතික රගර් නායකයෙක් වීම නිසා ක්‍රීඩාවට විශාල සේවයක් කරනු ඇතැයි සිතූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අවසානයේ රගර් පරිපාලනය ද තහනම් කිරීමට පැහැදිළි හේතු දැක්වීමකින් තොරව පියවර ගෙන ඇත.රගර් ක්‍රීඩාව වෙනුවෙන් ගත් සාධනීය තීරණවලට රගර් පරිපාලනය වැණුනේ නැතත්,හිටපු රගර් නායකයාගේ වැනීම මේ තීරණ පසුබිමේ පැහැදිළිවෙමින් තිබෙන බව පවසන රගර් ප්‍රේමීන්,රටපුරා නැඟෙන රාජපක්ෂ විරෝධයට මෙම තීරණයත් ඉදිරියේදී එකතු වෙනු ඇතැයි පෙන්වා දෙන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan