කිම් ජෝන්ග් උන්ගේ බලාපොරොත්තුව!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු කොරියාව ජනතාවගේ පරාදීසයක් බවට පත් කිරීම වත්මන් පරපුරේ පූජනීය මෙහෙවරක් බව උතුරු කොරියා නායකයා පවසයි. කොරියානු යුද්ධයේ සැමරුම් උළෙලකට එක්වෙමින් උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් මේ බව සදහන් කළේය.

පෙර පරම්පාරවන් තම ලෙයින් ආරක්ෂා කළ දෘෂ්ටිවාදය මත පදනම්ව ජනතාවගේ පරාදීසයක් ගොඩ නැගීමට කටයුතු කළ යුතු බව ද උතුරු කොරියා නායකයා පෙන්වා දෙයි. 1950 – 1953 වසරවල දී උතුරු කොරියාව සමග සටන් කළ චීන මහජන විමුක්ති හමුදාවේ සෙබළුන් සිහිපත් කිරීම මෙහිදි සිදුකෙරුණි.

1953 වසරේ ජූලි 27 වන දින උතුරු කොරියාව,  ඇමෙරිකාව හා චීනය සමග සටන් විරාම ගිවිසුමකට එළඹියේ වසර තුනක යුද ගැටුම් අවසන් කරමින්. කෙසේ වුවද දකුණු කොරියාව ඊයේ දිනයේ දී කිසිදු යුද සැමරුමක් සිදුකළ නොමැති බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව...

හෝමාගමින් මතු වූ හෙරෝයින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කැළණිය කොට්ඨාස අපරාධ...

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී...