රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ක්‍රම වෙනස ….

Date:

මේ අවුරුද්දේ මැයි මාසය දක්වා වන මාස පහක කාලයේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

රජයේ ආදායම හා අනෙකුත් ලැබීම් = රුපියල් බිලියන 1,619.23

මාස පහේ වියදම = රුපියල් බිලියන 1,064.99

ප්‍රාථමික අයවැය අතිරික්තය = රුපියල් බිලියන 554.24

කෙටියෙන් කිවුවොත් ආදායමෙන් 34.2%ක් වියදම් නොකර පරණ ණය වල පොලී ගෙවීම වෙනුවෙන් ඉතිරි කරගෙන තිබෙනවා. ඉතා පැහැදිලි ලෙසම මේ තරමේ මූල්‍ය විනයක් නිදහසෙන් පසු කිසිම දවසක පවත්වා ගෙන ගොස් නැහැ. මේක ඉතාම පැහැදිලි “ක්‍රම වෙනසක්”.

මේ තරම්ම සල්ලි ඉතිරි නොකර අවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නයත් මේ එක්කම මතු වෙන එක පුදුමයක් නෙමෙයි. එහෙම බැරි ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා වැඩියෙන් ඉතිරි කළත් පරණ ණය වල පොලී ගෙවන්නවත් ඒ මුදල ප්‍රමාණවත් නොවීම. කණගාටුදායක තත්ත්වයක් වුනත් ඕක තමයි ඇත්ත.

ප්‍රාථමික අයවැය අතිරික්තය = රුපියල් බිලියන 554.24

මාස පහේ පොලී වියදම = රුපියල් බිලියන 921.04

අයවැය ශේෂය = රුපියල් බිලියන (-366.80)

ඔය තරම් සල්ලි ඉතිරි කළත්, පරණ ණය වල පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 366ක් ණය වෙන්න වෙනවා. ඊට අමතරව, ගෙවිය යුතු ණය වාරික ගෙවන්න වෙන්නෙත් අලුතෙන් ණය අරගෙනයි. ඕක තමයි රටේ තත්ත්වය.

මේ ඉන්න තත්ත්වයෙන් “කවදා හරි” ගොඩ යන්නනම් ඔය විදිහට සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ප්‍රාථමික අයවැය අතිරික්තය කියා කියන්නේ ඒ විදිහට ඉතිරි කරන කොටස.

ඉන්න ණය උගුලෙන් ගැලවෙන්නනම් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%කට සමාන වාර්ෂික ඉතිරියක් අවශ්‍යයි කියන එකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුව. ඊට වඩා වැඩියෙන් ඉතිරි කළොත් වඩා ඉක්මණින් ණය ගෙවන්න පුළුවන්.

පසුගිය අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 27,630ක්. මෙය මේ අවුරුද්දේ 8%කින් ඉහළ ගියොත් රුපියල් බිලියන 29,840ක් වෙනවා. රුපියල් බිලියන 554ක් කියන්නේ එයින් 1.8%ක් පමණ. මේ අනුව, මේ තත්ත්වය දිගටම තිබුණොත් ඉලක්ක අවම මට්ටමෙනුත් එහාට යන්න පුළුවන්.

අනෙක් අවුරුදු වල කොහොම වෙතත්, මැතිවරණ අවුරුදු වලදී රජයේ වියදම් විශාල ලෙස ඉහළ යන එක ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍ය තත්ත්වය එසේ වෙද්දී මේ අවුරුද්දේදී ඉලක්කය ඉක්මවා මුදල් ඉතිරි කර ගැනීම සුවිශේෂී තත්ත්වයක්.

හැමදාම අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ විට කියන කතාව අපිට ලැබුනේ හිස් භාණ්ඩාගාරයක් කියන එක. ඒ කතාව බොරුවක් නෙමෙයි. රටේ පැත්තෙන් බැලුවොත් සිදු විය යුතු දේ වුනත්, දේශපාලනිකව බැලුවොත් භාණ්ඩාගාරය පුරවලා වෙන කෙනෙකුට දීලා යන එක අමු මෝඩ වැඩක්. කවුරුවත් ඔය වැඩේ නොකරන්නේ ඒ නිසා.

යහපාලන ආණ්ඩුව කාලයේ වුනත් 2017දී හා 2018දී ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වා ගනු ලැබුවත් මැතිවරණ වර්ෂයක් වූ 2019දී තත්ත්වය කණපිට හැරුණා. මෙවර එසේ නොවීමෙන් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහට නැවත බලයට පත් වීම පිළිබඳ සෑහෙන විශ්වාසයක් තිබෙන බවයි. නමුත් මැයි මාසය දක්වා ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුවනම් එවැනි හැකියාවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...