NPP “ජාතික සමස්ත ලංකා හෙද සමුළුව“ සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් – CAFE

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ (28 වැනිදා) පැවැති “ජාතික සමස්ත ලංකා හෙද සමුළුව“ සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කර ඇත.

මෙලෙස හෙද හෙදියන් නිල ඇඳුමින් පැමිණ සිටීම පොදු දේපළ පක්ෂ දේශපාලනය සඳහා යොදාගත් අවස්ථාවක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් පවසන අතර,හෙද සේවා වෘත්තීය නිල ඇඳුම මහජන මුදල් වැයකර එම වෘත්තියට ලබාදෙන වරප්‍රසාදයක් බවත්, එවැනි තත්ත්වයක් තුළ එම නිල ඇඳුම දේශපාලන කාර්යයන් සඳහා යොදා ගැනීම ආයතන සංග්‍රහය අනුව සහ මැතිවරණ නීතිය අනුව වැරදි ක්‍රියාවක් බවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව පැවතිය ද වෘත්තීය නිල ඇඳුමින් සැරසී එම ක්‍රියාමාර්ගවල නිරතවීම රජයේ සේවකයන් ලෙස නීතිවිරෝධී හා සදාචාර විරෝධී බව ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. හෙද හෙදියන් මෙම සමුළුව සඳහා නිල ඇඳුමින් සහභාගිවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස ද විධායක අධ්‍යක්ෂවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන් වේ.

මෙම පැමිණිල්ල සම්බන්ධව සොයා බැලීමට කටයුතු කරන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පැවසූවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...