සටහන – රුවන් නෙළුගොල්ල
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ඒ, අද (29) පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ය.
මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයන් සම්බන්ධයෙන් විනය ක්රියාමාර්ග ගැනීමට ද පක්ෂය තීරණය කළ බවයි පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.