*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සහාය කාටද?

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):

මෙවර ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකර ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් අයකුට සහාය දෙන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය පසු ගිය සිකුරාදා අනාවරණ කළ අතර , එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද කිලිනොච්චියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් සඳහන් කළේ සිය පක්ෂය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීන්දුව එළඹෙන අගෝස්තු මස 10 හෝ 11 වැනිදා ගැනීමට නියමිත බවය. 

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසුවේ,

“අපේ මධ්‍යම කාරක සභාව අගෝස්තු 10 හෝ 11 රැස්වෙයි. එහිදී අපි සමහර තීරණ ගන්නවා. පොදු අපේක්ෂකයෙක්ට සහාය පළකරනවාද? එහෙම නැත්නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් ලබාදෙන බවට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇත්නම් එවැනි අපේක්ෂකයෙක්ට සහාය පළකිරීම සම්බන්ධයෙනුත් තීරණයක් ගැනීමට නියමිතය.” ලෙස හෙතෙම පැවසීය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan