කඩවත – කොටුව, වැලිවේරිය – කොටුව හා කිරිල්ලවල – කොටුව බස් වර්ජනයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

කඩවත – කොටුව, වැලිවේරිය – කොටුව හා කිරිල්ලවල – කොටුව යන සියලු බස්රථ අද (31) උදෑසන ධාවනයෙන් ඉවත්ව තිබුණි . එම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණි.

ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මඟ හැරීම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කිහිපයක් කඩිනමින් ධාවනයට එක් කර ඇති අතර, කිරිබත්ගොඩ – පිටකොටුව මාර්ගයේ අලුත් බස්රථ කිහිපයක් සඳහා අවසර ලබාදීමෙන් තමන්ගේ ආදායමට දැඩි පහරක් එල්ල වී ඇතැයි 138 බස් රථහිමියන් පවසයි.

මේ අතර කඩවත – කොටුව බස් නැවතුම් පොළේ මතුවී ඇති විශාල මඩවළ හේතුවෙන් මේ වනවිට බස් රථ කැඩී යන තත්ත්වයට පත්ව ඇතැයි පවසන බස් රියදුරන් වැසිකිළි බළ උතුරා යෑම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් ප්‍රදේශයේ පවතින බව ද සඳහන් කළේය.

අදාළ හේතූන්ට විසඳුම් ඉල්ලා වර්ජනය ආරම්භ කළ බවත් විසඳුම් නොලැබුණහොත් බස් ධාවනයෙන් තමන් ඉවත්ව සිටින බවත් බස් රියදුරන් පවසන අතර, අදාළ බස් වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...

20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ  James Watson  මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): DNA පුරෝගාමියෙකු වූ...

ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන...

රටම එකට: තවත් 740ක් පොලිස් දැලට!

කොළඹ LNW:දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ...