කිතුනු පූජකවරුන්ගේ ජාලයේ සහය ජනපති රනිල්ට!

0
988

රෂිකා හෙන්නායක අගෝස්තු 02, කොළඹ (LNW):

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සුදානම් බව කිතුනු පූජකවරුන්ගේ ජාලයේ මහලේකම් රත්නායක පියතුමන් පවසා ඇත. ඒ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී බව සඳහන් වේ.

මෙම හමුව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සිදුව ඇති අතර, පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙල ප්‍රසංශනීය බව කිතුණු පූජකවරුන්ගේ ජාලයේ පියතුමන්ලා මෙහිදී කියා සිට ඇත. සිරිකොත මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා වේ.