(VIDEO):රෑ වැටුණු වලේ දවල් වැටිලා බැහැ.රනිල්ට හැර මේ රට ගොඩගන්න කාටවත් බැහැ – රවී

Date:

කොළඹ LNW:රෑ වැටුණු වලේ දවල් නොවැටී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ජයග්‍රහණයට සියලු දෙනා එකතු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

නිකරුණේ කතා කර හිඳීමෙන් රටේ ප්‍රශ්න විසදිය නොහැකි අතර ඊට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

ව්‍යවසායකත්වය රට තුළ දියුණු කළ යුතු බවත් ප්‍රශ්න විසඳීම ඇස්බැන්දුම්වලින් කළ නොහැකි බවත් සැබෑ ප්‍රශ්නය රට හමුවේ ප්‍රකාශ කර ප්‍රශ්න විසඳිය යුතු බවත් හෙතෙම කියාසිටියි.

ඒ අනුව රට ගොඩගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවද ඔහු සඳහන් කරයි.

ගෙයින් ගෙට හදවතින් හදවතට ගොස් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කළ යුතු වන බවයි රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා මන්නාරම ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල්...