අර්බුද මැද තොන්ඩමන්ගේ සහායත් ආණ්ඩුවට අහිමි වන ලකුණු !

තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා. වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින තම පක්ෂය, වතුකරයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට අසමත් ආණ්ඩුවක රැඳී නොසිටින බවයි ඇමතිවරයා පවසන්නේ.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජීවන් තොන්ඩමන් මහතා මේ බව සඳහන් කළේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තොන්ඩමන් මහතා ප්‍රකාශ කළේ ගෑස්, විදුලි, ඉන්ධන ඇතුළු අර්බුද ගණනාවක් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පාරට බැස ආණ්ඩුවට සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටින බවයි. එවැනි විරෝධතාකරුවන්ට පහර දී තුවාල සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා පවසනවා. පසුගියදා ජනාධිපතිවරයාගේ නිවස අසල පැවති විරෝධතාවයට සහභාගි වූ සාමාන්‍ය ජනතාවට, එම විරෝධතාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරය, ලංකා කම්කරු කොන්ග්‍රසය තරයේ හෙළා දකින බවද ඔහු පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ තොන්ඩමන් මහතා පවසන්නේ තම පක්ෂය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවයි. එම සමුළුවට සහභාගි වූයේ කැබිනට් තනතුරක් තම පක්ෂයට හිමි නොවූ නිසා බවට ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, සමුළුවට සහභාගි නොවීමට හේතුව ආණ්ඩුව වතුකරයේ ජනතාවට පිටුපෑම බවත් ඔහු පවසනවා.

වතුකරයේ ජනතාවට අදාල ඉල්ලීම් 03 ක් ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඔහු සඳහන් කරනවා. මෙම තත්වය මත ලංකා කම්කරු කොන්ග්‍රසය තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද යන්න පිළිබඳව කඩිනමින් තීන්දුවක් ගැනීමට සිදුවන බවයි ජීවන් තොන්ඩමන් මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...