කම්මුල් පහර නිසා විල් ස්මිත් ඔස්කාර් ඇකඩෙමියෙන් ඉල්ලා අස්වෙයි!

Date:

සුපිරි හොලිවුඩ් නලු විල් ස්මිත් ඔස්කාර් ඇකඩෙමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ 94 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේදී පහසන ශිල්පී ක්‍රිස් රොක්ට කම්මුල් පහර දීමේ සිදුවීමට අදාළවයි.

ඔස්කාර් ඇකඩෙමියෙන් ඉල්ලා අස්වන විල් ස්මිත් පවසා තිබෙන්නේ තමා සිදුකළ ක්‍රියාව කම්පන සහගත හා වේදනා සහගත බවත් එයට නිදහසට කරුණු මතුකළ නොහැකි බවත් ය.

මීට ප්‍රතිචාර දක්වමින් ඔස්කාර් ඇකඩෙමිය ප්‍රකාශ කර තිබෙන්නේ විල් ස්මිත් ගේ ඉල්ලා අස්වීම භාරගන්නා බවත්, එම සිදුවීමට අදාළ විනය ක්‍රියාමාර්ගය දිගටම සිදුවන බවත් ය.  

හොඳම නලුවාට හිමි සම්මානය ලබා ගත් විල් ස්මිත් මෙලෙස ක්‍රිස් රොක්ට සජීවී වේදිකාව මත කම්මුල් පහරක් එල්ල කළේ තම බිරිඳ පිළිබඳව කළ ප්‍රකාශයක් නිසා ය.

විල් ස්මිත් ගේ බිරිඳ ජේඩා පින්කට්-ස්මිත් හිසකෙස් අහිමි වීමේ සෞඛ්‍ය තත්ත්වයකින් (alopecia) පෙළෙන අතර, මෙම හේතුව නිසාවෙන් ඇය හිස සම්පූර්ණයෙන්ම බූ ගා සිටින්නීය.

ජේඩා ගේ කොණ්ඩා විලාසිතාව පදනම් කරගනිමින් ක්‍රිස් රොක් 94 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේදී විසිලු ප්‍රකාශයක් සිදුකළ අතර, ඊට දැඩි සේ උරණ වීම මතයි විල් ස්මිත් එම මොහොතේ ම වේදිකාවට ගොඩ වී කම්මුල් පහර දී තිබෙන්නේ.

එම දිනයේදී ම විල් ස්මිත් තමා රඟපෑ King Richard චිත්‍රපටය වෙනුවෙන් හොඳම නලුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තේය.

මෙම සිදුවීමට අදාළව සමාව අයදින විල් ස්මිත් තමා එලෙස ක්‍රිස් ට පහර දීම හරහා ඔහුටත්, ඔහුගේ පවුලේ අයටත්, තමාගේ හිතමිත්‍රයන් බොහොමයකටත් හා ලෝක වාසී රසික රසිකාවියන් බොහෝ දෙනෙකුටත් වේදනා ගෙන දුන් බවට පාපොච්ඡාරණය කර තිබේ. 

එමෙන්ම තමා ඔස්කාර් ඇකඩෙමියේ විශ්වාසය බිඳ දැමූ බවත්, සම්මාන උළෙල තුළ සම්මාන ලැබූ හා නාමයෝජනා ඉදිරිපත් වූ අනෙකුත් සහෝදර රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ සතුට උදුරා දැමූ බවත්, මේ පිළිබඳව තමාගේ හද බිඳී ඇති බවත් හෙතෙම සිය පාපොච්ඡාරණය හරහා වැඩිදුරටත් පවසයි.

ඔස්කාර් ඇකඩෙමියේ සාමාජිකත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ සඳහා අවම වශයෙන් එහි සාමාජිකත්වය දරන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් වත් නාමයෝජනා ලබා තිබිය යුතු ය. ඒ අතර යම් සිනමා කෘතියකට රංගනයෙන් දායකත්වය ලබා දීමට අදාළව සම්මාන උළෙල සඳහා නාමයෝජනා ඉදිරිපත් වන්නේ නම්, එයින්ද ඇකඩෙමියේ සාමාජිකත්වය ලැබේ.

මේ අනුව ඔස්කාර් ඇකඩෙමියේ සාමාජිකත්වය ලබා ගැනීම අතිශයින් අපහසු වන අතර, ඒ සඳහා රංගන ශ්‍රේෂ්ඨත්වය, කැපවීම හා අධිෂ්ඨානය බෙහෙවින් වැදගත් වේ.

පළමු ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වූ 1929 වර්ෂයේ සිට මේ දක්වා දැනට ඇකඩෙමියේ සාමාජිකත්වය දරන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සංඛ්‍යාව දහ දහසකට ආසන්න ය. 

විල් ස්මිත් මෙසේ සමු දී තිබෙන්නේ එවන් සාමාජිකත්වයකටයි.

මේ අතර, පහර කෑමට ලක්වූ ප්‍රහසන ශිල්පී ක්‍රිස් රොක් විල් ස්මිත් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකරන බව ද සඳහන් කර ඇත.

ඉසුරු පරාක්‍රම | Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...