අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ (LNW):

අද (05) පස්වරු 4.30ට පමණ, අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව සඳහන් වේ, ගංගාරාම විහාරස්ථානයේ තැන්පත්කර ඇති නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පෙරේදා (03) සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටී.

ඒ අතර මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයන් මෙන්ම සර්ව ආගමිකයන් ද පැමිණෙමින් සිටින අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මෛත්‍රී මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් ඊයේ සවස ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ දේහයට ගෞරවය දැක්වූ අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන්ද, විදේශ රටවල තානාපති අංශවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ද, නිලධාරීන්ද විදේශිකයන්ද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...