මම වෙලාවට තීන්දුව ගන්නම්.මම ගත්ත හැම තීන්දුවම මිනිස්සු පිළිගත්තා – රාජිත

කොළඹ LNW: තමන් නිසි වෙලාවට අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙතෙක් කාලයක් තමන් ගත් හැම තීන්දුවක්ම මිනිස්සු පිළිගත් අතර මේ වන විට ජනතාව හොඳටම පාඩමක් ඉගෙන ගෙන සිටින බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රමවේදය ඉදිරියට යා යුතු වන අතර එය වෙනස් කිරීමට ගියහොත් මීට පෙර පවතී පෝලිම් යුගය නැවත එනු ඇති බව හෙතෙම පවසයි.

”මේ ගමන තමයි ඉස්සරහට යන ඕනේ. ඒක වෙනස කරන්න ගියොත් ආපහු එන්නේ අර කලින් තිබුණ තැනට. අපිට හරියට ණයවරයක් විවෘත කරගන්න බැරි තත්ත්වෙකට රට නැවත ගමන් කරනවා. එක දවසක පෙට්‍රෝල් පෝලිමේ. අනිත් දවසේ ගෑස් පෝලිමේ. තව දවසක ඩීසල් පෝලිමේ. නැව් ඇවිල්ල වටේ තියෙයි. මෙවැනි රටක් ආපහු ඇති වෙනවා. මිනිස්සු හොඳටම පාඩමක් ඉගෙන ගත්තනේ. මම තීන්දුව ගන්නම් වෙලාවට. මම ගත්ත හැම තින්දුවම මිනිස්සු පිළිගත්තනේ. අපේ අවසාන කාලෙය්දී මේ රට දියුණු රාජ්‍යයක් බවට පත්කරගන්න ඕනේ. ඒක තමයි එකම අභිලාශය. ඒකට තියෙන්නේ එක මාර්ගයයි. ඒ මාර්ගය හරියට තෝරාගෙන යන්න ඕනේ.” යනුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත් කියිසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...