ගෝඨා පන්නපු අරගලය පාර්ලිමේන්තුවට හරවන්න අපි ගියා. ගෝල්ෆේස් නායකයින් ඒක බ්ලොක් කළා – ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව පන්නා දැමූ පසු එම ජනතා නැගිටීම පාර්ලිමේන්තුව කරා හැරවීමට තමන් ඇතුළු ජාතික ජන බලවේගය උත්සාහ කළ නමුත් ගෝල්ෆේස් අරගලයේ නායකයින් ඊට බාධා කළ බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ජේ.ආර්. ට තිබ්බෙ නෑ හමුදා පාලනයක්. ඒ නිසා ජේ.ආර්. ට අවශ්‍ය වුණා ඒකට හරියන ශක්තිමත් නීති පද්ධතියක්. හමුදා පාලනය වෙනුවට එයා ගෙනාවා මොකක්ද, ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය. පාර්ලිමේන්තුව දැම්මා කාටද ? බල්ලාට කියන්න එපා, බල්ලා හොඳ සතෙක්නෙ. පාර්ලිමේන්තුව වැඩක් නැති ආයතනයක් බවට පත් කළා. දැන් අපි අවුරුදු පහකට පත් කළාම නායකයා, අවුරුදු පහ යනකල් අපට කරන්න දෙයක් නෑ. ආපහු බස්සන්න බෑ. ගෝටාව යවනවා වගේ, බංග්ලාදේශෙ එක්කෙනාව යැව්වා වහේ හැමදාම මිනිස්සු එළියට බැහැලා එහෙම යවන්නෙ නෑ. අපටත් අවස්ථාවක් තිබ්බා පහුගිය කාලෙ. ගෝල්ෆේස් අරගලෙන් ගෝටා යැව්වාට පස්සෙ වහාම ගෝල්ෆේස් අරගලයයි ඒ ජනතා නැගිටීමයි හරවන්න තිබ්බෙ කොහාටද ? පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා. අපි එතෙන්ට බැස්සා ඒ වැඩේට. නමුත් අර විසිරිච්ච පැතිරිච්ච පොදුජන අරගලයේ තැන් තැන්වල හිටපු ඔය ගෝල්ෆේස් නායකයො කියන අය මොකද කළේ, ඒක බ්ලොක් කළා. ඉතුරු වෙච්ච පාර්ලිමේන්තුවෙන් අර බිඳවැටිච්ච කුළුන නැවත ගොඩනැඟුවා. එතකොට ගෝටා පන්නපු එකෙන් සත පහක වැඩක් නෑ”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති දේශීය ආදායම් වෘත්තිකයින්ගේ සමුළුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...