රනිල් කියන්නේ හැමදාම රට ගැන හිතපු නායකයෙක්!

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතා හැමදාමත් කටයුතු කළේ පක්ෂයක් රැකගැනීමට හෝ තමන්ගේ ආරක්ෂාව ගැන සිතා නොව රට ගැන සිතමින් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයට ද ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඔහු ඉදිරිපත්වන්නේ ද රට ගැන සිතා සියලු දෙන එකතු වී රට ගොඩනගා ආර්ථිකය ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවෙන් බවයි විජයවර්ධන මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම අනාගතය දෙස බලා දිගුකාලීන වැඩපිළිවෙලක් සමඟ රට දියුණු කළ යුත්තේ කෙසේද යන ප්‍රතිපත්තියට අනුව වැඩ කරන නායකයෙක් ලෙස වික්‍රමසිංහ මහතාගේ ඉතිහාසය දෙස බැලූවිටද පෙනී යන බවද එජාප නියෝජ්‍ය නායකයා කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...