දිලිත් ජයවීර ඉවත් වෙන කතාව බොරුවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ආරංචිමාර්ග පවසයි.

තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව පවසමින් දිලිත් ජයවීර මහතා සර්ව ජන බලය සන්ධානයට යැවූ ලිපියක් ආකාරයට සකස් කරන ලද ලිපියක ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා දිලිත් ජයවීර මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත.

කෙසේවෙතත් මෙම ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් අදාළ ලිපිය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවත් දිලිත් ජයවීර මහතාට සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළ අතර ජයවීර මහතා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට තරග වදින බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...