සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්රසීලයේ සාඕ පවුලෝ ප්රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 61ක් දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ද්විත්ව එන්ජින් සහිත ATR 72-500 යානය දකුණු ප්රාන්තයේ Paraná හි Cascavel සිට Sao Paulo නගරයේ Guarulhos ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී යානයේ එන්ජින් ක්රියා විරහිත වී පාලනයෙන් මිදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.
බ්රසීලයේ ජනාධිපති Luiz Inácio Lula da Silva විපතට පත් වූවන්ගේ පවුල්වෙනුවෙන් සිය ශෝකය ප්රකාශ කර තිබේ.