නව භික්ෂු එකමුතු කතිකාවේ සහය ජනපති රනිල්ට!

Date:

කොළඹ LNW:පැපිලියාන සුනේත්‍රා දේවී රජමහා විහාරස්ථානයේ දී ඊයේ (09) පැවති නව භික්ෂු එකමුතු කතිකාව එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවට ප්‍රකාශ කළේය.

එම කතිකාවට එක්වෙමින් රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කර කොලේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ කියන නම ලෝකයේම රැඳවූ නාමයක් වන අතර මුළු ආසියාවම වුවත් මෙහෙයවීමට ශක්තිය, බුද්ධිය, පරිණත භාවයක් තියෙන උත්තම ගණයේ මහා දේශපාලනඥයෙක් බවයි.

”2022 වසරේ මේ රට ලෑල්ලටම වැටුණා. ඒකෙන් රට ගොඩගන්න එතුමා අගමැති ධුරය භාර අරගෙන රට ගොඩ ගත්තා. එහෙම වැටිලා තිබ්බ රටක් ගොඩ ගත්තට පස්සේ මටත් පුළුවන්කම තිබුණා මෙහෙම නම් කරන්න කියලා කාටත් කියන්න පුළුවන්. වර්තමාන අපේක්ෂකයෝ බොරු කන්දරාවක් වගුරවමින් ජනාධිපතිතුමාට පහර ගහනවා. පහර ගහන්නෙම ඵල තියෙන රුකටයි. ඵල නැති වෘක්ෂයකට ගල් ගහලා පහර ගහලා වැඩක් නෑ. ඒකෙන්ම පැහැදිලිව පේනවා මේ රට භාරගන්න ඉන්න සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව, ඒ වගේම දැන් වේදිකාවල කතානායකලාට රට දුන්නොත් අනේ මේ රටට දෙවියන්ගෙම පිහිටයි කියලා හිතෙනවා” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...