*
Friday, October 11, 2024
spot_img

Latest Posts

දිවයිනේ සිව්දිගම යා කරන පළමු ශ්‍රී ලාංකික නායකයා සජිත්. නොහිතන අයත් ඉදිරි සති දෙක තුළ වේදිකාවට එනවා – ඩලස්

සටහන – රුවන් නෙළුගොල්ල

සජිත් ප්‍රේමදාස මහතා යනු එක ජාතියකට එක ආගමකට අයිති නැති, එක කණ්ඩායමකට අයිති නැති, එක පවුලකට අයිති නැති, එක කල්ලියකට අයිති නැති හැමදෙනාටම තමන්ගේ සහෝදරයා, තමන්ගෙ මිත්‍රයා ලෙස හැඳින්විය හැකි නායකයෙකු බවත් ඔහු එය ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමා ප්‍රකාශයක් කළා දිවයිනේ සිව්දිගම යා කරන පළමු ශ්‍රී ලාංකික නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස කියලා ?

“එක ජාතියකට එක ආගමකට අයිති නැති, එක කණ්ඩායමකට අයිති නැති, එක පවුලකට අයිති නැති, එක කල්ලියකට අයිති නැති හැමදෙනාටම තමන්ගේ සහෝදරයා, තමන්ගෙ මිත්‍රයා කියන්න පුළුවන් නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා …”

ප්‍රශ්නය – ඔබ කොහොමද විශ්වාස කරන්නෙ සජිත් ප්‍රේමදාස එවැනි නායකයෙක් කියලා ?

“ඔහුගේ භාවිතාව තුළ ඒක ඔහු මෑතකාලීනව ඔප්පු කරලා තියෙන නිසා තමයි මම ඒ පිළිගැනීම කරන්නෙ”

ප්‍රශ්නය – මේ ආණ්ඩු පක්ෂයේ අය එනවද ? කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නෙ නැති ප්‍රතිවිරුද්ධ පක්ෂවල ඉන්න අයත් සමගි ජන සන්ධානයට එනවාද ?

“ඉදිරි සති දෙක ඇතුළත බලන්න. සමහරවිට ඔබ හිතන කණ්ඩායම්, ඔබ නොහිතන කණ්ඩායම් මේ සන්ධාන වේදිකාව තමන්ගෙ වේදිකාව බවට පත්කර ගන්නවා. ඔබ කියන සියලු වර්ගවල අය ඉන්නවා. දැන් අපට වුණත් ඉතිහාසයේ වෙච්ච අතපසුවීම්, වැරදීම් රාශියක් තියෙනවා කියවාගන්න. තීන්දුවලදී වරදින්න පුළුවන්. ඕනෑම නායකයෙක්, අපේක්ෂකයෙක් දිහා බලනකොට ඔහුගේ වැඩපිළිවෙල දිහා බලන්න. වැඩපිළිවෙල විද්‍යාත්මකද කියලා බලන්න. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ ටීම් එකක් ඉන්නවද කියලා බලන්න”

ප්‍රශ්නය – ඩලස් අලහප්පෙරුම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාසට හොඳ වැඩපිළිවෙලක් තියෙනවා කියලා ?

“මේ මොහොතේ නිර්මාණය කරලා ගොඩාක් අවසන් වෙච්චි වැඩපිළිවෙලක් තියෙනවා”

ප්‍රශ්නය – වරදාන වරප්‍රසාද ඩලස් අලහප්පෙරුමට දෙනවා කියලා පොරොන්දු කරගත්තාද ?

“මගේ දේශපාලන ජීවිතයට කරන අපහාසයක් පාණුක ඔය කරන්නෙ. අපි ජුලි 19 වෙනිදා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවුණ වෙලාවේ අවබෝධතා ගිවිසුමක් හදලා තිබුණා අත්සන් කරන්න. සජිත් කිව්වා “විශ්වාසය තියෙන්න ඕනෙ කොළ කෑලිවල නෙවෙයි, විශ්වාසය තියෙන්න ඕනෙ පපුවේ. නෑ, මම ඕක අත්සන් කරන්නෙ නෑ. මම මේ තීන්දුව ගත්තෙ ඩලස් අලහප්පෙරුම මැතිතුමාව විශ්වාස කරලා” කියලා.

ප්‍රශ්නය – අපට මතකයි ඉතිහාසයේ ඔබ මැතිවරණ පිළිබඳ හොඳ පුරෝකථන ලබාදෙනවා. සජිත් ප්‍රේමදාස මහතා කොපමණ ඡන්ද සංඛ්‍යාවක් ගනීවිද ?

“ලක්ෂ 140ක් සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දපොලට නියත වශයෙන්ම පැමිණේවි. මෙතනින් 50% ක් නම් අවශ්‍ය වෙන්නෙ, ඒ කියන්නෙ ලක්ෂ 70ක් ඕනෙ ජයග්‍රහණය කරන්න. අපේක්ෂකයින් වැඩිවුණු පමණින් ජනාධිපතිවරණයක් ඉවුරුවලට බෙදෙන්නෙ නෑ. දැන් ගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂය කකුලෙන් අදින වෙලාවෙත් ලක්ෂ 55ක් තිබුණා. මේ මැතිවරණ සිතියම දිහා බැලුවාම ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්නයෙන්ම ඉන්න පුද්ගලයා ඔහුයි”

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan