ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් බස්නාහිර පළාත් සහතික පත් ප්‍රදානෝත්වය අද (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ඇගයීම් සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (11) පැවැත්වේ.

ඒ අනුව, හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී අද පෙරවරු 08.30 ට ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානෝත්සවය ආරම්භ කෙරිණි.

මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 කට අධික පිරිසක් සහභාගී වී සිටිති.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන, රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලාවකට යොමුකිරීම සඳහා ඔබට ළඟම පිහිටි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...