ධර්මාශෝකයන්ගේ පැමිණීම සහ පවිත්‍ර දේවිය!

සටහන – රත්නපාල ගමගේ
අගෝස්තු 13, LNW ස්විස්ටර්ලන්තය:
ධර්මාශෝක රජු කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණියා, එහිදී භූපති වික්‍රමසිංහයන් මුණගැසී බුද්ධිය මැන බැලීම සදහා කෙටි ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කළේය.

ප්‍රශ්නය- මහරජ, තොප ළඟ සිටින මේ ස්ත්‍රිය කවරහුද?

පිළිතුර- ඇය පවිත්‍ර දේවිය ස්වාමීනි.

ප්‍රශ්නය- මේ පවිත්‍ර දේවිය හැරුණු විට තවත් පවිත්‍ර දේවියන් සිටිත්ද?

පිළිතුර- එසේය ස්වාමීනි, මිහිඳු රජු ලග තොඳොල් වෙවී සිටින පවිත්‍ර දේවිය සිටී ස්වාමීනි.

ප්‍රශ්නය- මේ පවිත්‍ර දේවියත් මිහිඳු රජු ළඟ තොදොල්වන පවිත්‍ර දේවියත් හැර තවත් පවිත්‍ර දේවියන් සිටිත්ද?

පිළිතුර- එසේය, ලැජ්ජයි රනිලෝ කියා කෑ ගැසූ පවිත්‍ර දේවියත් සිටී ස්වාමීනි.

ප්‍රශ්නය- මේ පවිත්‍ර දේවියත් මිහිඳු රජු ළඟ තොදොල්වන පවිත්‍ර දේවියත් ලැජ්ජයි රනිලෝ කියා කෑගැසූ පවිත්‍ර දේවියත් හැරෙන්නට තවත් පවිත්‍ර දේවියන් සිටීද මහරජ?

පිළිතුර – ඇයි ස්වාමීනී,රටට කිසියම් ව්‍යසනයක් සිදු වනවිට දුවගෙන ගිහින් ගගට මුට්ටියක් විසි කරන පවිත්‍ර දේවියකුත් සිටිත් ස්වාමීනි.

ප්‍රශ්නය- මේ සියලුම පවිත්‍ර දේවියන් හැරුණු විට තවත් පවිත්‍ර දේවියන් සිටීද මහරජ ?

පිළිතුර – ඇයි ස්වාමීනි විලි ලැජජාවක් අසාවත් නැති මේ මෑතක සිට මා ළගට වී සිටින මේ පවිත්‍ර දේවිය.

“මහරජ ඔබගේ බුද්ධිය අගනේය”…. කියූ ධර්මාශෝක රජතුමා ගීතයක් කියා මාරුවී ගියේය.

අහා! යසයි බුද්ධිය…මේ අවුරුදු දෙකට හොදටම කළ බව පෙනේ යැයි කියමින් ධර්මාශෝක රජු පණ්ඩුක උපාසකත් කැටුව මිහින්තලාව දෙසට ගියේය.