සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ, ආචාර්ය ජයම්පති වික්රරත්න මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් වාමාංශික පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ඊයේ (11) දිනයේදී මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
පසුගිය යහපාලන රජය බිහිකිරීම උදෙසා කටයුතු කළ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී ද මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි.