සහතික වශයෙන් අපි දිනනවා – අනුර නාමයෝජනා පත්‍රයට අත්සන් තබමින් කියයි!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණ සටන් බිමේ ප්‍රබල අපේක්ෂකයෙකු වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකරන ලදී.

ඒ අනුව එම අත්සන මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහී අත්සන බවට පත්වන බවයි අනුර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

එහිදී තවදුරටත් අදහස් දක්වූ දිසානායක මහතා,

”හිටපු පාලක පන්තිය විසින් අපේ රට අර්බුද ගණනාවක හෙළලා තිබෙනවා. මේ අර්බුදයෙන් රටේ ජනතාවත් රටත් මුදවා ගැනීමේ අභියෝගය ජාතික ජන බාල්වේගය භාර ගන්න සූදානම්. ඒ අනුව අද දිනයේ අපි තබන ලද මේ අත්සන සහතික වශයෙන් ජයග්‍රාහී අත්සනක් බවට පත් කළ හැකියි. මොකද අනෙක් කඳවුරු එක එක කණ්ඩායම්වලට බෙදිලා,කැඩිල එක එක කුණු එකතු කරන තත්ත්වෙකට පත්වෙලා තිබෙනවා. මේ මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බල්වේගය අවුරුද්දකට එකහමාරකට කලින් අපි පටන් ගත්තේ. අපි ඉතාම ශක්තිමත්ව සංවිධානාත්මකව මහජනතාව දැනුවත් කරමින් අද දක්වා මේ ගමන දියත්කරලා තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ ඉතාමත් ශක්තිමත් ලෙස මේ මැතිවරණ ව්‍යාපරය මෙහෙයවිය හැකියි. ගම දක්වා ප්‍රබල සංවිධාන යාන්ත්‍රණයක් ඒ වගේම සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි සංවිධාන යාන්ත්‍රණයක් සහ ජාතික ජන බලවේගය අපට ප්‍රබල කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා මේ මැතිවරණය සහතික වශයෙන් ජයග්‍රහණය කළ හැකි මැතිවරණයක්. මේ මතිවරයෙන් පසුව රට ගොඩනැගීමේ අභියෝගයත් පොහොසත් රටක් බවට පත්කරන අභියෝගයත් ජනතාවට ලස්සන ජිවිතයක් උරුම කර දීමේ අභියෝගයත් ජාතික ජන බලවේගය භාරගන්න සුදානම්. ඒ නිසා අද තබන ලද මේ අත්සන ජනාධිපතිවරණයේ ජයග්‍රාහී අත්සන බවට පත්වෙන බව නිසැකයි.”

පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අනුර කුමාර දිසානායක මහතා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකළ අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...