Muhammad Yunusගෙන් පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බංග්ලාදේශ සිසුන්ගේ සිහින සැබෑ කර ගැනීමට තමා කැපවන බව බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායක Muhammad Yunus සදහන් කරයි.

මෙම මස මුල් භාගයේ දී බංග්ලාදේශයේ විරෝධතා මධ්‍යයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී එරටින් පළා යාමත් සමග අන්තර්වාර රජයක් පිහිටුවීමට බංග්ලාදේශය පියවර ගත් අතර, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම මත අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මඩ් යූනුස් පත්කිරීමට පියවර ගැනුණි.

මේ වන විට බංග්ලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින අතර ප්‍රචන්ඩකාරී ක්‍රියාවලින් ඉවත්ව කටයුතු කරන ලෙසයි මුහම්මඩ් යූනුස් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ. එරට නායකත්වය භාර ගැනීමට මූලිකම හේතුව වුයේ තරුණ ප්‍රජාවගේ ඉල්ලීම බව ඔහු සදහන් කරනවා.

තරුණ ප්‍රජාවට අවශ්‍ය බංග්ලාදේශය නිර්මාණය කිරීමට තමා කැපවන බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් Muhammad Yunus පවසා ඇත්තේ. එමෙන්ම මෙය තමාගේ සිහිනයක් නොව තරුණ ප්‍රජාවගේ සිහිනයක් පමණක් වන අතර එය යථාර්තයක් කර ගැනීමට ඔවුන්ට  ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බව ද මෙහිදි බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායකයා සදහන් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...