කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.
සර්ව ජන බලය ලෙස සන්ධානය නියෝජනය කරමින් දිලිත් ජයවීර මහතා සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු පවත්වාගෙන යන අතර තරුව ලකුණිනුයි ඔහු ජන්ද සටනට පිවිස සිටින්නේ.
ඔහු ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසිනි.
ඒ අනුව අද නාමයෝජනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවට සර්ව ජන බලය සමඟ සිටින දේශපාලන පක්ෂ,කණ්ඩායම් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
ආශිකා බ්‍රාහ්මණ