යකඩ යකා : පෙට්ටි කඩෙන් අවසන් වූ යටත්විජිත උරුමය

අර මහ පාරත් වහගෙන වයික්කාල ස්ටේෂන් එකේ නවත්තපු කෝච්චියෙන් දුවල කෑම පැකට් එකක් ගන්න දුම්රිය රියදුරු සහකාර කියන එකාගේ වැඩේ මට නම් අවුල්.

ඒ කියන්නේ පොර මහා ලොකු නීතියක් නොකැඩුවා වෙන්න පුළුවන්. ඒත් දුම්රිය සහායක හරි රියදුරු හරි මෙහෙම කෑම පොට්වලටයි අර පොට්වලටයි මේ පොට්වලටයි හතර අතේ දුව දුවා ඉන්න ගියොත්?

පොර රියදුරු සහායක හැටියට එහෙම එහාට මෙහාට ගියාට අවුලක් නැහැ කියන්නේ පොරට එතන රැකියාවක් තිබිල නැහැ කියන එක නේද? ඒ කියන්නේ රියදුරුට සහායක නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් කියන එක. අවදානමක් නැහැ කියන එක.

සුද්ද අපිට දීලා ගියපු ආයතනයකට වෙච්ච දෙයක්. බලන්න අර කෝච්චි එන්ජිමේ හැටි. හද්ද පරණ එකක්. ශබ්ද දූෂණය විතරයි.

දුම්රිය රියදුරු කියන්නේ පයිලට් කෙනෙක්ට වගේ ලස්සන නිල ඇඳුමක් දීලා තිබ්බ. දැන් මේ දුවන එකා ඉන්නේ සිවිල් පිට.

සුද්දගේ කාලේ හොඳ කැන්ටින් එකක් තිබ්බ. රේල්ලුව ඇතුලේ වගේම ස්ටේෂන් එකෙත්. දැන් තියන කැන්ටින්වල කෑම බල්ලට වැඩක් නැහැ. දාඩිය පෙරාගෙන වඩේ විකුණන එවුනුත් එහෙමයි. ඒකනෙ පොර වයික්කාල හන්දියේ පෙට්ටි කඩේට දුවන්නේ. සුද්ද දුන්න කැන්ටිම සහ ඒ ආයතන සියල්ල විනාශ වෙලා දැන් කෝච්චි ඩ්‍රයිවර් පෙට්ටි කඩේට වැටුණ.

දැන් ඕනිනම් ෆැෂන් එකට දේශපාලනේට බනින්න පුළුවන්.

මේ විදියට මේ දුම්රිය සේවය පවත්වාගෙන යන එක තමයි අවුල. කිසිම දෙයකට මිළක් නියම කරන්න බැහැ. තත්වය (standards) පවත්වාගෙන යන්න බැහැ. හැම දේම තුට්ටු දෙකට කරන්න ඕනි.

අඩුම මුදලට ටිකට් එක. නැත්නම් හොරට. අඩුම ටෙන්ඩර් එකට කැන්ටිම. අඩුම මිළට කෑම එක. අඩුම අඩුම අඩුම….

දැවැන්ත ආයතනයක් වෙන්න තිබ්බ තැනක් අවසන් උනේ පෙට්ටි කඩෙන්.

ආ..මේන්.

දුම්රිය සේවයේ බර්ගර් මිනිස්සුන්ගේ පැතිකඩ ගැන කියවෙන ‘යකඩ යකා’ කියන ලස්සන නවකතාව ලිව්වේ කාල් මලර්.

(මේ ඡායාරූපයේ ඉන්නෙ චීනයේ බුලට් ට්‍රේන් එකක් ඇතුලේ ගැහැණු දුම්රිය රියදුරෙක්).

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...